දැනුමින් පරිපූර්ණ ගුරු වෘත්තිකයන් බිහි කිරීමට SLIIT හි Bachelor of Education (B.Ed) වැඩසටහන් රැසක්

මෙරටේ ජාතික අධ්‍යාපන ක්ෂේත්‍රයේ දියුණුවට සුවිශේෂී දායකත්වයක් ලබා දෙමින් SLIIT ආයතනය විසින්, සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Social Sciences) සහ තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Information Technology) යන නව අධ්‍යයන උපාධි පාඨමාලා වැඩසටහන් හඳුන්වාදීමට පියවර ගෙන ඇතැයි පවසයි.

මෙම වැඩසටහන් මගින් සිසුන් හට 21 වන සියවසේ ශක්තිමත් කුසලතාවයන් සහිත අර්ථවත් සහ පරිපූර්ණ ගුරු වෘත්තිකයන් බවට පත්වීම සඳහා අවශ්‍ය මග සකසා ගැනීමට අවස්ථාව හිමිවීම කැපී පෙනෙයි.

මෙහිදී SLIIT හි B.Ed (අධ්‍යයන උපාධි) වැඩසටහන් සිව් වසරක පූර්ණ කාලීන උපාධි පාඨමාලාවකි. එය වෘත්තීය මට්ටමින් ගුරුවරුන් වීමට අපේක්ෂාවෙන් සිටින සිසුන් සඳහා වෘත්තීමය සහ ඊට විෂයානු බද්ධ කොටස් පිළිබඳව දැනුමක් ලබා දෙනු ඇත.

එම වැඩසටහන් වලට අමතරව, SLIIT විසින් ඉංග්‍රීසි (English), ජීව විද්‍යාව (Biological Sciences) සහ භෞතික විද්‍යාව (Physical Sciences) පිළිබඳ B.Ed උපාධි ද පිරිනමනු ලබයි.

B.Ed උපාධි වැඩසටහන් මෙහෙයවනු ලබන්නේ SLIIT හි මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨ අධ්‍යයන අංශය විසිනි. මෙම B.Ed වැඩසටහන් සඳහා අධ්‍යාපන අමාත්‍යාංශයේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවෙන් පූර්ව අනුමැතිය හිමිව තිබේ.
සමාජ විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) සිසුන්ට, සමාජ විද්‍යා සහ ඊට සම්බන්ධ අධ්‍යයන කටයුතු සඳහා අදාළ විෂයයන් පිළිබඳ න්‍යායාත්මක සහ ප්‍රායෝගික සැසිවාර සමව ඉදිරිපත් කරයි.

මෙම වැඩසටහන විශේෂයෙන් සමාජ විද්‍යා ගුරුවරුන් වීමට කැමති සිසුන් සඳහා අවශ්‍ය පසුබිම සලසා දෙනු ඇත. ඒ සඳහා දාර්ශනය, මනෝවිද්‍යාත්මක සහ සමාජ විද්‍යාත්මක පදනම්, ආර්ථික විද්‍යාව සහ මෘදු කුසලතා යන විෂය කොටස් ඇතුළත් වේ.
තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) ප්‍රධාන වශයෙන් තොරතුරු තාක්ෂණ ගුරුවරුන් වීමට කැමති සිසුන් සඳහා අවශ්‍ය දැනුම ලබා දෙයි. විශේෂයෙන්ම 21 වැනි සියවස සඳහා වන නවීන තාක්ෂණික කාර්යයන් වලදී තොරතුරු තාක්ෂණ කුසලතා සඳහා ඇති ඉල්ලුම හේතුවෙන් තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ගේ අවශ්‍යතාවයක් නිර්මාණය වී ඇත.
මීට අමතරව, මෙරටේ පාසල් තුළ පවතින තොරතුරු තාක්ෂණ ගුරුවරුන්ගේ පුරප්පාඩු සඳහා අවශ්‍ය පහසුකම් සලසා දීමට SLIIT හි තොරතුරු තාක්ෂණය පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) රජයට සහාය වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මානව ශාස්ත්‍ර හා විද්‍යා පීඨ අධ්‍යයන අංශයේ ප්‍රධානී මහාචාර්ය ටී. තනරාජ් මහතා, ”SLIIT ආයතනය මෙරටට ගුරුවරුන් බිහිකිරීමේ ජාතික වගකීම භාරගෙන තිබෙනවා. අපි ඉතා ඵලදායී සහ ශක්තිමත් B.Ed වැඩසටහනක් සිසුන් වෙත ලබා දෙනවා. විශේෂයෙන්ම අපගේ තොරතුරු තාක්ෂණ B.Ed වැඩසටහන්, SLIIT සඳහා පමණක් නොව මුළු රටටම ආදර්ශයක් ලබා දෙන උසස් මට්ටමේ අධ්‍යයන උපාධි වැඩසටහනක් ලෙස පිළිගෙන ඇති බවට මම විශ්වාස කරනවා. අද අපගේ උපාධිධාරීන් කිහිප දෙනෙක් මේ වන විට රට පුරා පාසල්වල ගුරුවරුන් ලෙස සාර්ථකව සේවයේ යෙදී සිටිනවා. ඒ බව අපට ඉතාමත් ආඩම්බරයෙන් සඳහන් කරන්න පුළුවන්.” යනුවෙන් පවසයි.

ඉංග්‍රීසි භාෂාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in English) හරහා අ.පො.ස උසස් පෙළ පන්ති ඇතුළු ද්විතීයික පාසල්වල ඉංග්‍රීසි භාෂාව සහ සාහිත්‍යය ඉගැන්වීමට දක්ෂ ගුරුවරුන් බිහි කිරීමේ හැකියාව පවතී.

ඉංග්‍රීසි භාෂාව සහ ව්‍යාකරණ, ඉගැන්වීමේ ක්‍රමවේද, ශාස්ත්‍රීය මට්ටමේ කියවීම සහ ලිවීම යන විෂයට අදාළ සමගාමී විෂය කොටස් ඒ සඳහා ඇතුළත් වේ.

ඒ හා සමානව, SLIIT ආයතනය විසින් භෞතික විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Physical Sciences) සහ ජීව විද්‍යාව පිළිබඳ අධ්‍යයන උපාධිය (ගෞරව) (B.Ed (Hons) in Biological Sciences) සිසුන් වෙත පිරිනමනු ලබයි.

SLIIT හි B.Ed අධ්‍යයන වැඩසටහන් වල වැදගත් අංගයක් වන්නේ ඉගැන්වීම් පිළිබඳව කරනු ලබන ප්‍රයෝගික පුහුණුවයි. සිසුන්ගේ උපාධි ප්‍රදානෝත්සවයට පෙර ඔවුන්ගේ මොඩියුල අවසානයේ සංවිධානය කරනු ලබන සති 12 ක කාලයක ප්‍රයෝගික ඉගැන්වීමේ පුහුණුවට ඔවුන් සම්බන්ධ විය යුතු වේ.

මෙම ප්‍රයෝගික ඉගැන්වීමේ පුහුණුව අදියර දෙකක් යටතේ පවත්වනු ලබන අතර, 1වන අදියර යටතේ පන්ති කාමරයක ඉගැන්වීම් හා පාඩම් කටයුතු කියාදීම පිළිබඳව බාහිර කථිකාචාර්යවරුන්, ජ්‍යෙෂ්ඨ අධ්‍යාපන නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ ගුරුවරුන්, ජාතික අධ්‍යාපන නිලධාරීන් ආදී පිරිසක් විසින් නිරීක්ෂණය කරනු ලබයි.

SLIIT විසින් සෑම සිසුවෙකු සඳහාම පන්තිකාමරය තුළදී තම දක්ෂතාවයන්ට අවශ්‍ය සහාය ලබා ගැනීම සඳහා උපදේශකයෙකු පත් කරනු ඇත. 2වන අදියර යටතේ SLIIT හි එම පීඨයේ පන්ති කාමර පසුබිමක් සිසුන් සඳහා නිරීක්ෂණය කිරීමට ඉඩ සලසා දෙනු ලබයි. සිසුන්ට සිය කාර්ය සාධනය සහ දැනුම් හුවමාරු කිරීම පිළිබඳව පීඨ අධීක්ෂකවරුන් විසින් උපදෙස් සහ ප්‍රතිචාර ලබා දෙනු ඇත.

2023 වසරේ දී නවක ගුරුවරුන් 8,000ක් පමණ බඳවා ගන්නා බවට රජය විසින් පසුගියදා නිවේදනයක් නිකුත් කොට තිබේ. ඒ අනූව රටේ අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට සහ ගුරු සේවයේ පවතින පුරප්පාඩු පිරවීමට දායක වෙමින් SLIIT හි B.Ed උපාධිධාරීන්ට ගුරුවරුන් ලෙස රජයේ පාසල්වලට අනයුක්ත වීමට මේ සමඟ අවස්ථාව හිමිවනු ඇත.

Visits: 56