Coca-Cola Beverages සහ Elephant House මධ්‍යම අධිවේගයේ ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 16ක් පිහිටුවයි

Coca-Cola Beverages Sri Lanka (CCBSL) සහ Ceylon Cold Stores Elephant House (EH) අත්වැල් බැඳගනිමින් මධ්‍යම අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන 16ක් පිහිටුවීමට කටයුතු කළ බව පවසයි.

මෙය ලෝක ප‍්‍රතිචක‍්‍රීයකරණ දිනය සහ කසළ වලින් තොර ජාත්‍යන්තර දිනයට (International Day of Zero Waste) සමගාමීව දියත් කරන ලද මුල පිරීමකි.

ඒ අනුව විස්තීරණ නිෂ්පාදක වගකීම සහ ප‍්‍රතිචක‍්‍රීයකරණය තුළින් හරිත අනාගතයක් වෙනුවෙන් කැපවන CCBSL සහ EH මෙහිදී නායකත්වය ගෙන කටයුතු කරයි.

මෙහිදී ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයෙහි සමාජ ව්‍යවසායකත්ව ව්‍යාපෘතිය වන ‘’Plasticcycle’’ සහ Eco Spindles සමඟ එක්ව මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර තිබේ. මේ සඳහා මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) හවුල්ව තිබේ.

මෙම වැඩසටහන මීරිගම අධිවේගී මාර්ග පිවිසුම අසල මාර්ග සංවර්ධන අධිකාරි කාර්යයාලයේදී ඇරඹි අතර අධිවේගී මාර්ග මෙහෙයුම්, නඩත්තු සහ කළමනාකරණ අංශයේ අතිරේක අධ්‍යක්ෂ, අනුර කෙහෙල්ඇල්ල මහතා ප‍්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ඊට සහභාගි විය.

RDA අනුමැතිය සහ මගපෙන්වීම මත මෙම ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි ප්ලාස්ටික් එකතු කිරීමේ ස්ථාන මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම, නාකලගමුව, දම්බොක්ක, කුරුණෑගල සහ යග්ගපිටිය යන පිටවීම් ස්ථානවල ස්ථානගත කෙරේ.

ඔවුන්ගේ ප‍්‍රතිචක‍්‍රීයකරණ සහකරු වන Eco Spindles විසින් අපද්‍රව්‍ය එකතු කර දේශීයව සහ ජාත්‍යන්තරව අලෙවි කරන ඇඳුම් මෙන්ම කොසු සහ බුරුසු සහ නූල් වැනි අගය එකතු කළ භාණ්ඩ සඳහා යොදා ගන්නා කෙඳි බවට පරිවර්තනය කරනු ඇත.

මෙය රට තුළ ප‍්‍රතිචක‍්‍රීයකරණය කළ හැකි අපද්‍රව්‍ය කළමනාකරණය සඳහා වූ ධනාත්මක ප‍්‍රවේශයක් වන අතර එම ක‍්‍රියාවලියේදී එක් එක් බීම සමාගම් විසින් ඉහළ දායකත්වයක් ලබා දෙයි. EH සහ Plasticcycle දක්ෂිණ අධිවේගී මාර්ගයේ PET එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවීම සඳහා මීට පෙර RDA සමඟ එක්ව කටයුතු කර ඇති අතර CCBSL විසින් කටුනායක අධිවේගී මාර්ගය ආශි‍්‍රතව ද එම වැඩපිළිවෙල කි‍්‍රයාත්මක කර ඇත.

Coca-Cola Beverages Sri Lanka හි මහජන කටයුතු, සන්නිවේදන සහ තිරසාරභාවය පිළිබඳ අධ්‍යක්ෂිකා තමරි සේනානායක, Ceylon Cold Stores PLC හි නිෂ්පාදන හා නියාමන කටයුතු පිළිබඳ ප‍්‍රධානී සහ ජෝන් කීල්ස් සමූහ ව්‍යාපාරයේ සහකාර උප සභාපති ඔවින් ද සිල්වා, Eco Spindles Recycling හි ප‍්‍රධාන විධායක නිලධාරී ප‍්‍රසන්ත මාලිම්බඩගේ යන මහත්වරුන් මේ අවස්ථාවට එක්ව සිටියහ.

අපද්‍රව්‍ය වලින් තොර වටපිටාවක් වෙනුවෙන් පෙනී සිටින CCBSL “Give Back Life’’ වැඩසටහන යටතේ මේ වන විට PET ප්ලාස්ටික් එකතු කිරීමේ මධ්‍යස්ථාන 500කට අධික ප‍්‍රමාණයක් ශ‍්‍රී ලංකාව පුරා ස්ථාපිත කර ඇති අතර ඉන් 21ක් ප්ලාස්ටික් අපද්‍රව්‍ය කිලෝග‍්‍රෑම් 5000ක් එකතු කිරීමේ හැකියාව ඇති මහා පරිමාණ මධ්‍යස්ථාන වේ.

මෙම ව්‍යාපෘතිය EH විසින් ඔවුන්ගේ ආයතනික සමාජ වගකීම් සහ තිරසාර සන්නාමය වන ”ගුණදමින්” යටතේ සිදු කරන ලද බොහෝ මුලපිරීම් අතරින් එකකි. EH විසින් PET අපද්‍රව්‍ය එකතු කිරීමට අවශ්‍ය යටිතල පහසුකම් සපයමින් රට පුරා ඵඍත්‍ සඳහා ආයෝජනය කර ඇත.

Visits: 67