හිටෝෂි කනහෝරි Expolanka සභාපති ධුරයෙන් ඉවත් වෙයි

එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමේ (EXPO.N0000) සභාපතිවරයා ලෙස කටයුතු කළ හිටෝෂි කනහෝරි එම ධුරයෙන් ඉවත් වූ බව සමාගම සඳහන් කරයි.

පසුගිය අප්‍රේල් 01 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි මෙම ඉවත්වීම සිදු වූ බවත්, එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ඒ මහතාගේ ඉවත් වීම පිළිගන්නා ලද බවත් සමාගම පවසයි.

මෙම ඉවත්වීම සිදුවන අවස්ථාව වනවිට හිටෝෂි කනහෝරි මහතා සතුව එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමෙහි කිසිදු කොටස් හිමිකාරීත්වයක් නොවූ බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

ඒ මහතා 2020 ජූලි මාසයේදී එක්ස්පෝ ලංකා සමාගමේ සභාපතිවරයා ලෙස පත් කෙරිණි.

Visits: 229