මේ අවුරුදු සමයේදී සම්පත්කාඩ්ස් වෙතින් අසමසම වට්ටම්

සිංහල – දමිළ අලුත් අවුරුද්ද වෙනුවෙන් මෙවරද අසමසම වට්ටම් සිය ගනුදෙනුකරුවන් වෙත ගෙන ඒමට සම්පත් කාඩ්ස් කටයුතු කර ඇත. ඒ අනුව ‘පොහොසත් බැඳීම් සමුදායක්, සුබ අලුත් අවුරුද්දක්..‘ තේමාව කොට ගනිමින් නිදහසේ සතුටින් අවුරුදු අසිරිය බෙදා හදා ගැනීමේ අවස්ථාව උදා කර දී තිබේ.

එහිදී දිවයින පුරා විසිරී සිටි හවුල්කාර අලෙවිසැල් රාශියක් සමඟ එක් වෙමින් තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගන්නා ඇඳුම් පැළඳුම් සඳහා 45%ක් දක්වාද, ආභරණ සඳහා 60%ක් දක්වා වට්ටම් සමඟින් පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම්ද, පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 25%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද, එසේම පොත් පත් සඳහා 25%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සම්පත්කාඩ්ස් තුළින් ලබා ගත හැකිය.

සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කරදීමට කටයුතු යොදා ඇති සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනීමේදී 40%ක් දක්වා වට්ටම්ද හිමි කර දීමටද සූදානම්ව සිටියි. ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් හට උදාකර ගත හැකිය.

සම්පත්කාඩ්ස් වෙතින් ලබාදෙන මෙම සුවිශේෂී වට්ටම් සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා “හවුල්කාර අලෙවිසැල් තුළින් මිලදී ගන්නා භාණ්ඩ හා සේවා සඳහා දැරිය යුතු වියදම් අවම කිරීම උදෙසා වට්ටම් රාශියක් ලබා දීම තුළින් අඛණ්ඩව ගනුදෙනු කිරීමේ අවස්ථාව අප කාඩ්පත් හිමියන්ට උදාකර දී තිබෙනවා. සෑම විටම හොඳම දේ ලබා දීමට කටයුතු කර ඇති අප සම්පත්කාඩ්ස්, බැඳීම් හා හිතවත්කම් අලුත් කර ගනිමින් සතුට විඳගැනීමට එක්වන ලෙස සියලු කාඩ්පත් හිමියන්ට ආරාධනා කර සිටිනවා” යනුවෙන් පවසා සිටියි.

මේ සියළු ප්‍රතිලාභ 2023 අප්‍රේල් මාසය අවසන් වනතුරු ක්‍රියාත්මක වන අතර ඒ පිළිබඳ වැඩිදුර තොරතුරු http://www.sampath.lk වෙබ් අඩවියෙන් හෝ 0112300 604 අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.

Visits: 100