ත්‍රිකුණාමලය බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස සංවර්ධනයට සාකච්ඡා

ත්‍රිකුණාමලය නගරය බලශක්ති මධ්‍යස්ථානයක්, ඉන්ධන සහ ගෑස් ගවේෂණ මෙන්ම පුනර්ජනනීය බලශක්ති නගරයක් ලෙස සංවර්ධනය කිරිම සඳහා සාකච්ඡා පැවැත් වුණු බව විදුලිබල සහ බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පවසයි.

මේ දිනවල මෙරට සංචාරයේ නිරත ඉන්දියාවේ පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් පිළිබඳ අමාත්‍යාංශයේ ලේකම් පන්කජ් ජේයින් ඇතුළු නියෝජිතයන් සමගින් මෙම සාකච්ඡා පැවැත්වී තිබේ.

ඒ අනුව බලශක්ති ක්ෂේත්‍රයේ සහයෝගිතාවන් සහ ආයෝජන සම්බන්දයෙන් මෙම පිරිස සමගින් සාකච්ඡා පැවැත් වූ බවත් අමාත්‍යවරයා පවසයි.

විශේෂයෙන්ම ද්‍රව ස්වාභාවික වායු යටිතල පහසුකම් සංවර්ධනයට සහ සැපයුම් සඳහා, සූර්ය බලයෙන් ක්‍රියාත්මක දහන ලිප් යනාදිය පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරී තිබේ.

මෙම සාකච්ඡාව සඳහා ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගොපාල් බාග්ලේ, නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජාකොබ් සහ ඉන්දියාවේ පෙට්‍රෝලියම් සහ ස්වාභාවික ගෑස් අමාත්‍යාංශයේ විශේෂ රාජකාරි නිලධාරී ඊෂා ශ්‍රීවාස්තව යන මහත්ම මහත්මීන් සහභාගි වී තිබේ.

Visits: 77