IMF වෙතින් ලැබුණු ඩොලර් මිලියන 330න් මිලියන 121ක ඉන්දියානු ණය වාරිකයක් ගෙවයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) හා ඇති කරගෙන ඇති විස්තීර්ණ මූල්‍ය පහසුකම් එකඟතාව යටතේ හිමි වුණු එක්සත් ජනපද ඩොලර් මිලියන 330ක පළමු වාරිකය, ඉන්දීය ණය යෝජනා ක්‍රමයේ වාරිකයක් ගෙවීමට යොදා ගත් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා සඳහන් කරයි.

ඒ අනුව එක්සත් ජනපද ඩොලර් මිලියන 121ක් වූ අදාළ වාරිකය ඊයේ දින ගෙවා දැමූ බව අමාත්‍යවරයා මාධ්‍ය වෙත නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියි.

මෙහිදී අදහස් දක්වන අමාත්‍යවරයා, මීට පෙර ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මගින් ලබා දෙන මෙවැනි ණය මහබැංකුවේ ගිණුම වෙත බැර විමක් සිදු වන නමුත් මෙවර අදාළ ණය මුදල භාණ්ඩගාර නියෝජ්‍ය ලේකම්වරයා ගිණුමට බැර කළ හැකි ලෙස ලබා දී ඇති බැවින් එය ණය ස්ථායිකරණයට යොදා ගත හැකි බවද පෙන්වා දෙයි.

Visits: 105