සිලෝන් තේ අපනයනකරුවෙකු ලොව විශාලතම තේ කේතලයට හිමි ගිනස් වාර්තාව පිහිටුවයි

මෙරටින් සෞදි අරාබිය වෙත සිලෝන් තේ අපනයනය කරන ප්‍රධානතම අපනයකරුවෙකු වන Khadeer Tea සමාගම ලොව විශාලතම තේ කේතලයට හිමි ගිනස් වාර්තාව තැබිමට සමත්ව ඇතැයි වාර්තා වෙයි.

පසුගියදා සෞදි අරාබියේ පැවැති උත්සවයකදී මෙම අතිවිශාල තේ කේතලය ප්‍රදර්ශනය කර තිබේ.මෙම අවස්ථාව සඳහා ලෝක ගිනස් වාර්තා කමිටුවේ සාමාජිකයන්ද සහභාගි වී ඇති අතර, එහිදී ඊට මෙම නව ගිනස් ලෝක වාර්තාවට හිමි සහතිකය පිරිනැමී තිබේ.

මෙම අවස්ථාව සඳහා සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපතිවරයා ඇතුළු පිරිසක් සහභාගි වී ඇත.

මෙම තේ කේතලය ලීටර් 14,300ක ධාරිතාවකින් යුක්ත වන බව පැවසෙයි.

Visits: 126