Dipped Products රු. බිලියන 1ක ආයෝජනයකින් ක්‍රීඩා අත්වැසුම් කර්මාන්තශාලාවක් පිහිටුවීමට යයි

කොළඹ කොටස් හුවාමරුවෙහි ලැයිස්තුගත Dipped Products PLC සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන DPL Premier Gloves සමාගම යටතේ නව ක්‍රීඩා අත්වැසුම් නිෂ්පාදන කර්මාන්තශාලාවක් පිහිටුවීමට සූදානමින් සිටින බව පවසයි.

බියගම අපනයන සැකසුම් කලාපයේ (EPZ) හි පිහිටුවන මෙම කර්මාන්තශාලාවේ ඉදිකිරීම් කටයුතු ලබන අප්‍රේල් මාසයේදී පමණ ආරම්භ වනු ඇතැයි එම සමාගම සඳහන් කරයි.

මේ සඳහා එම කලාපයට අයත් භූමියෙන් අක්කර දෙකක ඉඩක් වෙන් කෙරී ඇතැයිද පැවසෙයි.

එසේම මෙම කර්මාන්තශාලාව සඳහා තම සමාගම DPL Premier Gloves සමාගම හරහා යොදවන ආයෝජනය රුපියල් බිලියන 1ක් වන බවත් Dipped Products PLC සමාගම පවසයි.

මෙහිදී අදාළ කර්මාන්තශාලාව මගින් නිපදවන සියලුම ක්‍රීඩා අත්වැසුම් නිෂ්පාදන LEED සහිතය යටතේ නිපදවනු ඇති බවත්, මෙම නිෂ්පාදන මූලිකවම එක්සත් ජනපදයේ සහ යුරෝපයේ වෙළෙඳ පොළ වෙත අපනයනය කරනු ඇති බවත් සමාගම වැඩිදුරටත් පවසයි.

Visits: 227