Mastercard අනුග්‍රහයෙන් 2023 රග්බි ලෝක කුසලානය ප්‍රථම වරට මෙරටට ගෙන එයි

ශ්‍රී ලාංකේය ඉතිහාසයේ ප්‍රථම වරට රග්බි ලෝක කුසලානයක් මෙරටට ගෙන ඒමේ සුවිශේෂී අවස්ථාව සනිටුහන් කරමින් 2023 රග්බි ලෝක කුසලානය පසුගිය පෙබරවාරි 18 වන දින මෙරටට ගෙන ආ බව Mastercard නිවේදනය කරයි.

ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත 2023 රග්බි ලෝක කුසලාන තරඟාවලිය නිමිති කර ගනිමින් ශ්‍රී ලංකාවට ගෙන එනු ලබන මෙම කුසලානය ලබන පෙබරවාරි 23 වන දින දක්වා මෙරට ක්‍රීඩා ලෝලීන්ට දැක ගැනීමේ හැකියාව උදා වනු ඇත.

ඒ අනුව ප්‍රදර්ශනය සඳහා මෙරටට ගෙන එනු ලබන 2023 රග්බි ලෝක කුසලානය පසුගිය පෙබරවාරි 19 දා කොළඹ CR & FC හිදී ප්‍රදර්ශනය කෙරුණි. එසේම එය පෙබරවාරි 22 වන දින එය මහනුවර Kandy Sports Club හිදීත් මහජන ප්‍රදර්ශනයට තැබීමට නියමිතය.

මෙම මහජන ප්‍රදර්ශනය සිදු කරන අතරතුර රග්බි ලෝක කුසලානය ශ්‍රී ලංකාවට ගෙන ඒමේ සත්කාරකත්වය උසුලන Mastercard ක්‍රීඩා ලෝලීන්ගේ මෙන්ම අනෙකුත් නරඹන්නන් ආකර්ෂණය කර ගැනීම වෙනුවෙන් විවිධ ක්‍රියාකාරකම් රැසක් පැවැත්වීමට කටයුතු යොදා ඇත.
Mastercard ඒ වෙනුවෙන් රජය හා අනෙකුත් සම්බන්ධිත ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලබයි.

තවද Mastercard Priceless ප්‍රතිලාභ හිමි කර දෙන මෙම සුවිශේෂී අවස්ථාව තමන්ට රිසි සේ සතුටු විය හැකි ආකාරයේ අත්දැකීමක් Mastercard කාඩ්පත් හිමියන් වෙත ලබා දෙන වැඩසටහනක් ලෙසද සඳහන් කළ හැකිය.

මෙහිදී මෙම උත්සව කටයුතු සඳහා ක්‍රීඩා කණ්ඩායම්, හිටපු රග්බි ක්‍රීඩකයින්, රාජ්‍ය නිලධාරීන් හා රාජ්‍ය තාන්ත්‍රිකයින් වෙත ආරාධනය කරමින් Mastercard වෙත අවශ්‍ය සහයෝගය ලබා දීමට ශ්‍රී ලංකා ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය කටයුතු කර ඇත. එසේම මෙම සුවිශේෂී ලෝක කුසලානය දැක බලා ගැනීම වෙනුවෙන් දකුණු ආසියාවේ අනෙකුත් රටවල ක්‍රීඩා ලෝලීන්ද මෙරටට පැමිණෙනු ඇතැයි Mastercard හි අපේක්ෂාවයි.

ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා මෙහිදී අදහස් දක්වමින් සඳහන් කර සිටියේ “රග්බි ලෝක කුසලානයක් ශ්‍රී ලංකාවට ගෙන එන ප්‍රථම අවස්ථාව වන මෙය රග්බි ක්‍රීඩා ලෝලීන්ට පමණක් නොව සෑම ශ්‍රී ලාංකිකයකුටම ඉතා වැදගත් අවස්ථාවක් ලෙස සඳහන් කළ හැකියි. මෙම සුවිශේෂී අවස්ථාව ශ්‍රී ලංකාවට ලබා ගැනීම පිළිබඳව Mastercard ආයතනයට අපගේ ස්තුතිය පිරිනමන අතරම මේ වෙනුවෙන් ඔවුන් සමඟ එක්ව කටයුතු කිරීමට ලැබීම පිළිබඳවත් අපි ඉතා සතුටට පත් වෙනවා” යනුවෙනි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක් වූ Mastercard හි ශ්‍රී ලංකාවේ හා මාල දිවයිනේ කළමනාකාර සඳුන් හපුගොඩ මහතා “ රග්බි ක්‍රීඩාවට වැඩි උනන්දුවක් දක්වන විශාල ක්‍රීඩා ලෝලීන් පිරිසක් සිටින ශ්‍රී ලංකාවට මෙවර රග්බි ලෝක කුසලානය ගෙන ඒමට ලැබීම පිළිබඳව Mastercard ඉතා සතුටට පත් වෙනවා. එසේම මෙම විශේෂ අවස්ථාව රග්බි ක්‍රීඩා ලෝලීන්ට අමතක නොවන අවස්ථාවක් බවට පත් කිරීම වෙනුවෙන් රජය හා අනෙකුත් පාර්ශ්වකරුවන් මෙන්ම ප්‍රධාන හවුල්කරුවන් සමඟ එක්ව කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා” යනුවෙන් පවසා සිටින ලදී.

2008 වසරේ සිට රග්බි ලෝක කුසලානය සමඟ දිගු කාලීන හා අති සාර්ථක සබඳතාවයක් පවත්වාගෙන යනු ලබන Mastercard 2019 වසරේ ජපානයේදී පැවති ආසියානු කලාපයේ ප්‍රථම රග්බි ලෝක කුසලාන තරඟාවලිය සඳහාද සිය දායකත්වය සපයන ලදී.

මෙම වසරේ ප්‍රංශයේදී පැවැත්වීමට නියමිත 10 වැනි පිරිමි රග්බි ලෝක කුසලාන තරඟාවලියේදීද රග්බි ක්‍රීඩා ලෝලීන් වෙනුවෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කිරීමට Mastercard සූදානමින් සිටියි.

Visits: 54