DFCC බැංකුවෙන් 1 ට 20.88ක් බැගින් කොටස් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන DFCC බැංකුව සිය කොටස්හිමිකරුවන් සඳහා කොටස් ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

මෙය 2022 දෙසැම්බර් 31 වැනිදායින් අවසන් වූ 2022 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු සහ අවසන් කොටස් ලාභාංශ ගෙවීම බවද බැංකුව සඳහන් කරයි.

මෙහිදී දැනට කොටස්හිමිකරුවන් සතුව ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම අලුතින් කොටස් 20.89ක ලාභාංශ ගෙවීමක් ලෙස මෙය සිදු කිරිම සැලසුම වී තිබේ.

ඒ අනුව ලාභාංශ ලෙස ලබා දෙන සමස්ත කොටස් ප්‍රමාණය කොටස් 19,282,599 කි. මෙම කොටස්වල වටිනාකම රුපියල් 684,532,295.00 ක් ලෙස ගණන් බලා තිබේ.

මෙහිදී කොටසක වටිනාකම පෙරේදා දිනයේදී පැවැති රුපියල් 35.50 ක් බැගින් මිල කරමින් මෙම ලාභාංශ ගෙවීම සිදුව තිබේ.

අද වනවිට සමාගමේ ප්‍රකාශිත ප්‍රාග්ධනය රුපියල් 13,182,025,269.87කි. ඒ අනුව මෙම කොටස් ලාභාංශ නිතුතුවත් සමගින් එකතු වන රුපියල් 684,532,295.00ක මුදලත් එම ප්‍රාග්ධනය වෙත එකතු වනු ඇති බවත් DFCC බැංකුව පවසයි.

මෙම කොටස් ලාභාංශ ගෙවීමේ තීන්දුව සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් බැංකුව වැඩිදුරටත් සඳහන් කර සිටියි.

මේ අතර ඊයේ දිනයේ ගනුදෙනු අවසානයේදී DFCC බැංකුවේ කොටසක වටිනාකම රුපියල් 37.10ක් ලෙස සටහන්ව තිබූ අතර එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 35.50ට සාපේක්ෂව රුපියල් 1.60ක් එනම් 4.51%ක ඉහළ යාමකි.

Visits: 115