හේමාස් සමූහය ‘ප්‍රාසාර’ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිපදවූ නිෂ්පාදන පෙළක් හඳුන්වා දෙයි

ශ්‍රී ලංකාවේ පැරණිතම සමූහ ව්‍යාපාරයක් වන Hemas Holdings PLC සමාගමට අනුබද්ධිත සමාගමක් වන Hemas Manufacturing (Pvt.) Ltd සමාගම සිය නවතම ‘ප්‍රාසාර‘ සන්නාමය යටතේ පුරාණ හෙළ ඔසු අනුසාරයෙන් නිපදවූ නිෂ්පාදන පෙළක් එළිදැක්වීම ඊයේ දිනයේදී සිදු විය.

ප්‍රාසාර යන්නෙහි තේරුම වන්නේ ‘ප්‍රාණයට සාරයක්’ යන්නයි. මෙම නිෂ්පාදන පෙළ මගින් සෞඛ්‍යය හා යහපැවැත්ම වැඩි දියුණු කරමින්, ශ්‍රී ලාංකික පාරිභෝගික ජනතාවගේ ජීවිතවල නිරෝගී සමතුලිතතාව ආරක්ෂා කිරීම හේමාස් සමාගමේ අරමුණයි.

විශේෂයෙන්ම නූතන පවුලට අවශ්‍යතාවලට සරිලන සෞඛ්‍යමය ප්‍රතිලාභ ලබා දෙන, පුරාණ ආයුර්වේද වට්ටෝරුවක් මත පදනම් වූ 100% ස්වාභාවික හෙළ ඔසු සාරය මෙම ප්‍රාසාර නිෂ්පාදන පෙළෙහි අඩංගු වන බව එම සමාගම පවසයි.

මෙහිදී සබන්, දන්තාලේප, ෆේස් ක්‍රීම්, ෆේස් වොෂ් සහ සුවතා පානය (ටොනික්) ආදී පුළුල් නිෂ්පාදන පරාසයකින් මෙම ප්‍රාසාර නිෂ්පාදන පෙළ සමන්විත වෙයි.

මේ සඳහා පරම්පරා ගණනාවක් පුරා පැවත එන පුරාණ ඔසු වට්ටෝරුවලට අනුකූලව, දේශීය හෙළ ඔසු භාවිත කර නිපදවා ඇතැයි සමාගම පවසයි.

එසේම ආයුර්වේද විශේෂඥයින්ගේ අනුමැතිය සහිත ප්‍රාසාර නිෂ්පාදන පෙළ පාරිභෝගික ජනතාවගේ සෞඛ්‍යය හා යහපැවැත්ම සහතික කරන සම්පූර්ණ හෙළ ඔසු පෞද්ගලික සත්කාරක නිපැයුම් පෙළක් ලෙස හඳුන්වා දිය හැකි බවත් සඳහන් වෙයි.

“වර්තමාන පාරිභෝගික ජනතාව පවුලේ සෞඛ්‍ය පිළිබඳව සැලකිලිමත් වන බව සහ ඔවුන් තමා මිල දී ගැනීමට තෝරා ගන්නා නිෂ්පාදනවල ප්‍රමිතිය හා ගුණාත්මක බව පිළිබඳ ව දැඩි අවධානයක් යොමු කරන බව විවිධ සමීක්ෂණවලින් අනාවරණය වී ඇත. එමෙන් ම වර්තමාන පාරිභෝගිකයින් හෙළ ඔසු අඩංගු ආයුර්වේද නිෂ්පාදන කෙරෙහි ඉහළ විශ්වාසයක් තබා ඇති බව ද එම සමීක්ෂණවලින් අනාවරණය වී ඇති කරුණකි.” හේමාස් සමූහය පවසයි.

විශේෂයෙන්ම කාර්යබහුල ජීවන රටාව නිසා වත්මන් පවුල් සංස්ථාව තුළ අසමතුලිත සෞඛ්‍ය තත්ත්වයක් නිර්මාණය වී ඇති අතර, හෙළ ඔසු අවශ්‍යතාව කෙතරම් තදින් දැනුණ ද, වර්තමාන ජනතාව තුළ හෙළ ඔසු පිළිබඳ පවතින අවම දැනුම සහ ඒවා සොයා ගැනීමට ඇති අපහසුව ඔවුන්ගේ අවශ්‍යතා සපුරා ගැනීමට බාධාවක් වී ඇතැයිද සමාගම පවසයි.

එය හොඳින් අවබෝධ කරගත් හේමාස් ආයතනය ප්‍රාසාර නිපැයුම් පෙළ හඳුන්වා දීමට කටයුතු කළේ ඊට විසඳුමක් ලෙසිණි.
ශ්‍රී ලංකාවට ම ආවේණික වූ හෙළ ඔසු භාවිතයෙන් නිපදවන සුවිශේෂී ප්‍රසාර සාරය ශරීරයේ ස්වාභාවික සමතුලිතතාව යථා තත්වයට පත් කිරීම සඳහා උපකාරී වේ. එමෙන්ම එම නිෂ්පාදනය වයස අවුරුදු 12 ට වැඩි දරුවන් ඇතුළු සමස්ත පවුලට ම ගැළපෙන නිෂ්පාදනයක් ලෙස හඳුන්වා දිය හැකිය.

ආරක්ෂිත හා කාර්යක්ෂම නිෂ්පාදන පෙළක් ලෙස ප්‍රාසාර නිෂ්පාදන ආයුර්වේද වෛද්‍යවරුන් විසින් අනුමත කර ඇත. සෞඛ්‍යාරක්‍ෂිත ප්‍රමිතීන්ට අනුකූලව නිෂ්පාදනය කරන ප්‍රාසාර , 100%ක් දේශීය සන්නාමයක් වන අතර, එම නිෂ්පාදන මෙරට ප්‍රමුඛ පෙළේ සුපිරි වෙළෙඳසැල්, සිල්ලර අලෙවිසැල්, විසිතුරු භාණ්ඩ අලෙවිසැල්, ෆාමසි සහ ආයුර්වේද වෙළෙඳසැල්වලින් ලබා ගත හැකිය.

Visits: 84