යුනියන් බැංකුව මිලදී ගත් නේපාලයේ බිනෝද් චෞද්රි මෙරට තවත් ආයෝජන අවස්ථා සොයයි

නේපාලයේ අංක එකේ කෝටිපති ව්‍යාපාරිකයා වන බිනෝද් චෞද්රි පසුගියදා ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත වූ බව වාර්තා වෙයි.

මෙම සංචාරය යටතේ ඔහු ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය වෙත පැමිණ ඇති අතර, එහිදී ආයෝජන මණ්ඩලයේ සභාපති දිනේෂ් වීරක්කොඩි මහතාද හමු වී තිබේ.

මෙම හමුවේදී චෞද්රි මහතා ශ්‍රී ලංකාව තුළ පවතින ආයෝජන අවස්ථාවන් සම්බන්දයෙන් සාකච්ඡා කළ බව එම මණ්ඩලය පවසයි.

විශේෂයෙන්ම බෙදාහැරීම්, සිල්ලර වෙළෙඳාම්, ලෙෂර්, මූල්‍යමය සේවා සහ නිෂ්පාදන අංශ වෙත ඔහුගේ වැඩි අවධානයක් යොමුව තිබෙන බව සඳහන් වෙයි.

මෙම සංචාරය සඳහා ඔහුගේ CG Crop Global සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ රාහුල් චෞද්රි මහතාද සම්බන්ධ වී තිබේ.

බිනෝද් චෞද්රි මහතා පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී මෙරට බලපත්‍රලාභී වාණිජ බැංකුවක් වන යුනියන් බැංකුවෙහි 70%ක කොටස් ප්‍රතිශතයක් අත්පත් කරගනිමින්, එහි වැඩිම කොටස් හිමිකරුවා බවට පත්වීමට සමත් විය.

එසේම මේ වනවිටත් ඔහු ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා කිහිපයක් වෙතම ආයෝජනය කර ඇතැයිද සඳහන් වෙයි.

Visits: 205