කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් වෙතින් කොටසකට රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කිල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම (KFP.N0000)සිය කොටස්හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි.

පසුගියදා පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක් සිදු කරන බව සමාගම පවසයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සටහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස මාර්තු 14 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස පෙබරවාරි 21 වැනිදා නම් කෙරී තිබේ.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම වැඩිදුරටත් සඳහන් කර සිටියි.

කෙසේ වෙතත් කීල්ස් ෆුඩ් ප්‍රඩක්ට්ස් පීඑල්සී සමාගම 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස රුපියල් 7.00ක මුදලක් ගෙවීම සිදු ව තිබේ.

Visits: 51