Rakuten Viber ප්‍රධාන ගෝලීය යාවත්කාලීන කිරීම් සමඟින් සුපිරි විශේෂාංග යෙදුම් තත්ත්වයන් ඉහළ දමයි

පෞද්ගලික සහ ආරක්ෂිත පණිවිඩ යැවීමේ සහ කටහඬ (Voice) පදනම් කරගත් සන්නිවේදනයේ ගෝලීය ප්‍රමුඛයා වන Rakuten Viber විසින් සිය යෙදුමේ (App) සන්නාම-පරිශීලක සබඳතා ක්‍රම විකාශයේ නව අදියරක් ලෙස ප්‍රධාන විශේෂාංග ද්විත්වයක් ලොව පුරා එළිදැක්වීමට පියවර ගෙන ඇත.

නව හඳුන්වාදීම් අතරට Business Inbox සහ Commercial Account එකක් සහිත යෙදුම් ඇතුළත් කළ ඇති අතර, එය Viber හි දිගුකාලීන සුපිරි යෙදුම් උපාය මාර්ගයන් තුළ මීළඟ ඉදිරි පියවර බවට පත්වනු ඇත.

පර්යේෂණ වාර්තාවලට අනුව, පාරිභෝගිකයින්ගෙන් 71% ක් පෞද්ගලිකව අන්තර් සබඳතාවයන් පවත්වනු ඇතැයි සමාගම් අපේක්ෂා කරන අතර, ආයතනවලින් 82% ක් පමණ සේවා හරහා වඩාත් ගුණාත්මක පාරිභෝගික සේවා වටිනාකමක් ලබා දීම සඳහා අගය වැඩි කිරීමේ උපාය මාර්ගයක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කරයි.

මෙම නව හඳුන්වාදීම පරිශීලකයන් සහ ව්‍යාපාර යන අංශ දෙක කෙරෙහිම අවදානයේ තබා ගනිමින්, Viber හි යාවත්කාලීන කිරීම් වඩා ඉහළ පාරිභෝගික අත්දැකීමක් සහ සන්නාම වෙත නැඹුරු කිරීමට ගනු ලැබූ පියවරකි.

සන්නාම-පරිශීලක සන්නිවේදනය වැඩිදියුණු කිරීම අරමුණු කොට ගෙන, Viber විසින් සන්නාම-පරිශීලක අන්තර් සබඳතා සඳහා වෙන්වූ අවකාශයක් පුද්ගලයෙකුගේ සාමාන්‍ය කතාබස් තිරය තුළින් සෘජුවම ප්‍රවේශ විය හැකි අයුරින් මෙම Business Inbox යෙදුම ගෝලීයව හඳුන්වා දී ඇත. නිල සන්නාම ගිණුම් වලින් ලැබෙන සියලුම ව්‍යාපාරික පණිවිඩ එක් ෆෝල්ඩරයක් තුළ (බැංකු දැනුම්දීමක්, බෙදාහැරීමේ සේවාවකින් ඇණවුම් තහවුරු කිරීමක්, වෙළඳසැලකින් ලැබෙන විශේෂ දීමනාවක් වැනි දෑ) ගබඩා කිරීම සහ සකස් කිරීම මෙම විශේෂාංගය ඉඩ සපයා දෙනු ලබයි.

පරිශීලකයාට ඔවුන්ගේ පළමු ව්‍යාපාරික පණිවිඩය ලැබුණු පසු Business Inbox සක්‍රිය කෙරෙනු ඇත. මීට පෙර ව්‍යාපාර සමඟ සංවාද කර ඇති පරිශීලකයින් සඳහා, විශේෂාංග යෙදුම නිකුත් වීමෙන් අනතුරුව ව්‍යාපාර සමඟ පවතින සියලුම කතාබස් ස්වයංක්‍රීයව Business Inbox වෙත රැගෙන යනු ඇත. Business Inbox ෆෝල්ඩරය කතාබස් ලැයිස්තුවේ නිර්මාණය කළ පසු, සියලුම ව්‍යාපාරික පණිවිඩ ඒ වෙත යනු ලබයි. Business Inbox මඟින් පරිශීලකයින්ට Viber හි මෙම අත්දැකීම ඔවුන් කැමති පරදි සහ ඔවුන්ට වඩාත් පහසු වන ආකාරයට සන්නාම සමඟ අන්තර් සබඳතා වෙනුවෙන් ඉඩ සලසනු ඇත.

” Viber හි මීළඟ ඉදිරි පියවර වන්නේ මෙම සන්ධිස්ථානය නැවත යාවත්කාලීන කරමින් සියලුම සන්නාම-පරිශීලක සන්නිවේදන ක්‍රියා සහ අන්තර් සබඳතාවයන් පහසු එක්-නැවතුම් පොළක් ලෙස ක්‍රියා කරන සුපිරි යෙදුමක් නිර්මාණය කිරීමයි. පරිශීලකයා හට විශේෂාංග යෙදුමේ ඇති වටිනාකම වැඩි කිරීමට සහ වෙළඳ නාමවලට ඔවුන්ගේ ප්‍රේක්ෂකයින් සමඟ සම්බන්ධ විය හැකි අවස්ථා පුළුල් කිරීම යන ගුණාත්මක දෑ අපි හඳුන්වා දෙන අනෙක් සුපිරි යෙදුම් විශේෂාංග සඳහා පාදක කර ගන්නවා” යැයි මේ සම්බන්දයෙන් අදහස් දක්වමින් Rakuten Viber හි ප්‍රධාන විධායක නිලධාරී ඔෆීර් ඉයාල් පැවසීය.

මෙම විශේෂාංග දෙක 2023 ජනවාරි 23 සිට ගෝලීය වශයෙන් ලබා ගත හැකිය.

Visits: 39