සුදු ඩීසල් සහ භූමිතෙල් මිල පහළට

අද (02) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සුදු ඩීසල් සහ භූමිතෙල් ලීටරයක මිල ගණන් පහළ දැමීමට තීරණය කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.

ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 420.00 සිට 405.00 ක් දක්වා රුපියල් 15.00කින් පහත දමා තිබේ. එසේම භූමිතෙල් මිලද රුපියල් 365.00 සිට 355.00 ක් දක්වා රුපියල් 10.00 කින් පහත දැමීමට තීරණය කර ඇත.

කෙසේ වෙතත් අනෙකුත් ඉන්ධන මිල ගණන්හි කිසිදු සංශෝධනයක් සිදු නොවන බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කරයි.

Visits: 74