‘නිර්මාණාත්මක ව්‍යවසාය’ තුළින් තාරුණ්‍යය සවිබල ගැන්වීමට මංගලගේ Freedom Hub මාතරදී යළිත්

ෆ්‍රීඩම් හබ් යනු දිවංගත මංගල සමරවීර මහතා 2021 අගෝස්තු මාසයේදී කොවිඩ් රෝගයෙන් අකාලයේ මෙලොව හැර යාමට මාසයකට පෙර දියත් කරන ලද ඔහුගේ අවසන් ව්‍යාපෘතියයි.

දිගුකාලීන ලිබරල්-ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලන ඉතිහාසයක් ඇති මංගල සමරවීර අනපේක්ෂිත ලෙස පාර්ලිමේන්තු දේශපාලනයෙන් පසුබැස තරුණ උද්දේශකයින්, වෙනස්කම් නිර්මාණය කරන්නන්, ව්යවසායකයින් සහ උනන්දු වෘත්තිකයන් සමඟ එක්ව සිටියේය.

මංගල ඔහුගේ අභාවයට පෙර ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුද පිළිබඳව බොහෝ දේ පුරෝකථනය කළේය. ශ්‍රී ලංකාව චක්‍රීය මාර්ගයක නැවත නැවත යන අර්බුද ඉතිහාසයෙන් මිදීමේ සහ රටේ ඉදිරි ගමන සාර්ථක කරගැනීමේ ක්‍රමය තාරුණ්‍යය සමග හවුල් වීම බව ඔහු දැඩි ලෙස විශ්වාස කළේය. සියල්ලට පසු, ඉදිරි අභියෝගවලදී වඩාත් අවදානමට ලක්ව තිබෙන්නේ තාරුණ්‍යයේ අනාගතයයි.

කලක් දක්ෂ මෝස්තර නිර්මාණකරුවෙකු, ​​මෝස්තර නිර්මාණ සම්බන්ධයෙන් කැලණිය සරසවියේ කථිකාචාර්යවරයකු ලෙසද කටයුතු කල  මංගල විසින් සංකල්පගත කරන ලද  ‘ෆ්‍රීඩම් හබ්’ ඩිජිටල් සහ නිර්මාණාත්මක අන්තර්ගත සහ කුසලතා සංවර්ධන සහ සහයෝගීතා කේන්ද්‍රස්ථානය පදනම් වන්නේ ‘රැඩිකල් මධ්‍යස්ථානයක වටිනාකම් 20’ හි  මතයි.

එමගින් මංගලගේ නිර්මාණශීලීත්වය සහ ප්‍රකාශනයේ නිදහස පිළිබඳ ඔහුගේ අවබෝධය ප්‍රකාශ වේ. ඒවා මිනිසුන්ගේ අවශ්‍යතා, අරගල සහ බලාපොරොත්තු සන්නිවේදනය සඳහා අත්‍යවශ්‍ය සහ ජවසම්පන්න මෙවලම් වේ. එපමණක් නොව, ඒවා මිනිසුන් තමන් බලාපොරොත්තු වන අවස්ථා සහ ලෝකය පරිකල්පනය කරන සහ නිර්මාණය කරන මූලික ක්‍රම කිහිපයකි.

සන්නාම, කලා සහ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර අංශයේ සේවය කරන තරුණ කණ්ඩායමක මෙහෙයවීමෙන් 2023 දී මාතරදී ෆ්‍රීඩම් හබ් නැවත දියත්  කරනු ලැබේ. මංගලගේ පවුලේ අය සහ මිතුරු මිතුරියෝ එයට සහාය ලබාදෙති. මෙම කණ්ඩායම ඔක්තෝම්බර් මාසයේ සිට මාතර රැඳීසිටිමින්, බිම් මට්ටමේ අවශ්‍යතා සහ අභිලාෂයන්ට සවන් දී ‘නිර්මාණාත්මක ව්‍යවසායකත්වය (Creative Enterprise)’ නමින් වැඩසටහනක් සකස් කර ඇත. නිර්මාණාත්මක මනෝභාවයක් සහ ප්‍රකාශනයක් පුළුල් කිරීම සහ ව්‍යවසායකත්ව කුසලතා සහ ආර්ථික වශයෙන් සවිබල ගැන්වීමේ ව්‍යාපෘති ගොඩනැගීම එහි අරමුණයි.

මාස 5ක දීර්ඝ ‘Creative Enterprise’ නියමු වැඩසටහනෙහි පහත දැක්වෙන අංග ඇතුළත් වේ.

1) මීට පෙර මස්කෙළියේ සහ මඩකලපුවෙහි දෙවන බසක් ලෙස ඉංග්‍රීසි ඉගැන්වීමෙහි නියැලුණු ජාත්‍යන්තරව පිළිගත් කාන්තා ආසියානු විශ්ව විද්‍යාලයේ උපාධිධාරිනියක් ද වන TKT සහතික ලත් උපදේශකවරියක් විසින් උගන්වනු ලබන මාස 3ක පදනම් ඉංග්‍රීසි භාෂා වැඩසටහන

2) මාස 2ක නිර්මාණාත්මක ව්‍යවසාය වැඩසටහන. මෙම වැඩසටහනට සහභාගී වන්නන් වෙනුවෙන් මෙන්ම ඇතැම් විට පොදු ජනතාව වෙනුවෙන් ද විෂය ප්‍රවීණයන් විසින් එය ඉදිරිපත් කරනු ලැබේ. එය විවිධ ක්ෂේත්‍ර අතර අන්තර් සම්බන්ධිත හා පසුව එක් එක් ක්ෂේත්‍ර කෙරෙහි වෙනම අවධානය යොමුකරනු ලබන වැඩසටහනකි. එහි එක් අදියරක් අවසානයේදී සහභාගිවන්නන් විසින් නිර්මාණය කරන ලද නිෂ්පාදන සහ අන්තර්ගතය සාමාන්‍ය ජනතාව සමඟ බෙදා ගන්නා ‘නිර්මාපක වෙළඳපොළක් සහ ප්‍රදර්ශනාගාරයක්’ සඳහාද ෆ්‍රීඩම් හබ් විසින් සත්කාරකත්වය සපයනු ඇත.

ගෞරවනීය හස්ත කර්මාන්ත, රෙදිපිළි සහ විලාසිතා නිර්මාණ ශිල්පී සේනක ද සිල්වා වැනි මංගලගේ නිර්මාණශීලී සමකාලීනයන්ගේ පෙළගැස්මක් කථික ලැයිස්තුවෙහි සිටිති.

මාතර උපන් ජාත්‍යන්තරව පිළිගත් ශ්‍රී ලාංකික සමකාලීන කලාකරු පාල පොතුපිටිය, සම්මානලාභී සිනමාකරුවන් වන භවනීදා  ලෝගනාදන් සහ චින්තන ධර්මදාස, ජාත්‍යන්තර වශයෙන් ප්‍රසිද්ධ ශ්‍රී ලංකාවේ සංචාරක අන්තර්ගත නිර්මාපකයින් සහ බලපෑම් කරන්නන් වන ෂෙනෙල් රොද්‍රිගෝ සහ ෂෙහාන් තාහීර්, RCA හී උපාධිධාරී කැන්වස් සහ ඩිජිටල් /NFT කලාකරු බිලාල් රාජි සහීඩ්, මාතර පදනම් කරගත් සත්කාරක සංස්කෘතිය සාදන්නන් වන Team Dots Ceylon Hotels සහ ආසියාවෙහි හොඳම ජයග්‍රාහකයින් වන Smoke & Bitters, නේපාලය සහ ශ්‍රී ලංකාව අතර සංරක්ෂණ සංචාරක හෝටල් හිමිකරුවකු වන ටිම් එඩ්වර්ඩ්, සංක්‍රාන්ති ලිංගික අයිතිවාසිකම් සඳහා  ක්‍රියාකාරිනියක සහ කලාකාරිනියක වන භූමි හරේන්ද්‍රන්, කලාකරු සහ කලා අධ්‍යාපනඥ මිනාල් නයෝමි වික්‍රමතුංග, සම්මානලාභී සංගීත අධ්‍යක්ෂක සහ නිර්මාපකයෙකු වන මඳුන් දිසානායකසහ නිර්මාණ අධ්‍යක්ෂක සහ චිත්‍රපට නිෂ්පාදක නයනි දිසානායක, සජීවිකරණ ශිල්පීනී  ඉරුෂි තෙන්නකෝන් සහ තවත් බොහෝ දෙනෙක් ඒ අතර වෙති.

අයදුම් පත්‍රය samaraweerafoundation.org/freedom-hub හි ජනවාරි 31 වන දින දක්වා විවෘතව ඇත.

විශේෂයෙන් කලාකරුවන්, ග්‍රැෆික් නිර්මාණකරුවන්, ශිල්ප සහ නිෂ්පාදන ශිල්පීන්, සන්නාම සාදන්නන්, දෘශ්‍ය කතන්දරකරුවන් (චිත්‍රපට නිෂ්පාදකයින්/ වාණිජ්‍ය වීඩියෝ ශිල්පීන්) සහ ඩිජිටල් මාධ්‍ය තුළ අන්තර්ගත නිර්මාණකරුවන් (YouTube, TikTok, Instagram) වැනි අභිලාෂකාමී නිර්මාණකරුවන්, ව්‍යවසායකයින් මුල් කාලීන වෘත්තිකයන් සහ ශක්තිමත් ගැටළු වෙනුවෙන් පෙනී සිටීම සඳහා නිර්මාණාත්මක සහ සන්නිවේදන කුසලතා ගොඩනැගීමට උනන්දු  වෙන තරුණ තරුණියන් වෙනුවෙන් ෆ්‍රීඩම් හබ්හි Creative Enterprise වැඩසටහන 2023 පෙබරවාරි මස අගදී ආරම්භ වේ.

අයදුම් කිරීමට ඔබ වයස අවුරුදු 17-35 අතර විය යුතු අතර මාතර හෝ මාතර අවට ජීවත් විය යුතු අතර සතියේ දිනවල සවස් කාලයේ සහ සති අන්තයේ සතිපතා සැසි කිහිපයකට සහභාගී වීමට කැපවී සිටිය යුතුය. ඉඩකඩ සීමිත බැවින් තෝරාගත් අයදුම්කරුවන් පමණක් ස්ථානගත කිරීමේ පරීක්ෂණයක් සහ සම්මුඛ පරීක්ෂණයක් සඳහා කැඳවනු ලැබේ. කෙසේ වෙතත්, Freedom Hub හි පොදු වැඩසටහන් ඔබ සැමට විවෘත වනු ඇත.

අප ගැන සහ ඔබට Freedom Hub වැඩසටහන් සහ පොදු සිදුවීම්වලට සම්බන්ධ විය හැකි ආකාරය ගැන වැඩිදුර දැන ගැනීම සඳහා Facebook හි @FreedomHubLK අපව අනුගමනය කරන්න. එසේ නැතිනම්, ඊමේල් මගින් සම්බන්ධ වන්න : info.freedomhub@gmail.com

Visits: 81