Samsung Neo QLED 8K රූපවාහිනිය සමඟින් ඔබේ ආලින්දයට නවමු ආකර්ෂණයක් එක් කර ගන්න

Samsung වෙතින් හඳුන්වා දී ඇති Neo QLED 8K රූපවාහිනී පෙළ ඔබේ නිවසට අලංකාරයක් මෙන්ම මනා පෙනුමක් එක් කරනුයේ ඔබේ නිවසට පරිවර්තනීය වෙනසක් ගෙන එමිනි. Signature Infinity One නිමාවෙන් යුත් සිහින් Neo QLED 8K රූපවාහිනී හි නිර්මාණාත්මක බව නිසාම එය ඔබට ඉමහත් ආශ්වාදයක් එක් කරනු ඇත. එය සැබැවින්ම ඔබටත්, නිවසට පැමිණෙන අමුත්තන්ටත් සොඳුරු දසුනක් එක් කරනු ඇත.

Quantum Mini LED මගින් බල ගන්වනු ලබන Quantum Matrix Technology Pro තාක්ෂණයෙන් සුසැදි Neo QLED 8K රූපවාහිනී සුපැහැදිලි හා මනස්කාන්ත දසුන් ඔබ වෙත ගෙන එන්නේ සාමාන්‍ය LED රූපවාහිනියකට වඩා 1/40 ක Quantum Mini LED සමගිනි. ගැඹුරු කළු වර්ණය තුළින් දීප්තිමත් බවක් තිරයට ගෙන එන එහි පින්තූර බොඳ වීම ඉතා අවම වන අතර එහි Shape Adaptive Light Control මගින් පින්තූරයේ ඇති විවිධ දේ එකිනෙකට වෙනස් අයුරින් නිවැරදිව විශ්ලේෂණය කර ඊට ගැලපෙන ආකාරයෙන් ආලෝකය පාලනය කරන හෙයින් බාධාවකින් තොරව රූපවාහිනිය නැරඹීමේ අවස්ථාව උදා වේ.

තෙවන පාර්ශවීය උපාංග සඳහාද නැවතුම් පාලන මධ්‍යස්ථානයක් බවට රූපවාහිනිය පත් කරන IoT Hub එකකින් සමන්විත Neo QLED 8K රූපවාහිනිය සතු SlimFit TV වෙබ් කැමරාව සුවිසල් රූපවාහිනී තිරය තුළින් වීඩියෝ ඇමතුම් හෝ web conference හරහා ඔබේ මිතුරන් හා ආදරණීයයන් සමඟ සිතූ සේ සම්බන්ධ වීමේ අවස්ථාවද උදා කර දීම ඔබට ඉමහත් අස්වැසිල්ලක් වනු ඇත. හොඳම රූපවාහිනී අත්දැකීමක් ඔබේ ආලින්දයට ගෙන එන Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Smart Hub විශේෂාංගය තුළින් ඔබට වඩාත් පහසු මුල් තිරයක් සමඟින් මනා රසවින්දනයක් ඔබට ගෙන එනු නොඅනුමානය.

පරිශීලකයින් වෙත සිනමාමය අත්දැකීමක් ළඟා කිරීම වෙනුවෙන් මනා ශ‍්‍රව්‍ය අත්දැකීමක් ඔබ වෙත ගෙන එන භැද Neo QLED 8K හි ශබ්ද පද්ධතිය තුළින් අසමසම ත‍්‍රිමාණ surround ශබ්දයක් සමඟින් අපූරු විනෝදාස්වාද අත්දැකීමක් ඔබට තිළිණ කරනු ලබයි.

පාරිභෝගිකයාට සරිලන නවෝත්පාදනයන් නව පරිපූර්ණ මට්ටමකට ගෙන යමින් Samsung හඳුන්වාදෙන Neo QLED 8K රූපවාහිනී පෙළ පාලනය කරනු ලබන SolarCell  දුරස්ථ පාලකය මඟිනි. සම්පූර්ණයෙන් බැටරි රහිත දුරස්ථ පාලකයක් වන එය ඔබේ නිවස තුළ සූර්යාලෝකය තුළින් ආරෝපණය කිරීමේ පරිසර හිතකාමී උපාංගයක්ද වේ.

ප‍්‍රමාද දෝෂයන්ගෙන් තොරව පහසුවෙන් ක‍්‍රීඩා කිරීමේ හැකියාව සහිත Neo QLED 8K රූපවාහිනී පෙළ සතු Game Bar තුළින් gaming status නිරීක්ෂණය කිරීමටත් පහසුවෙන් ක‍්‍රීඩා සැකසීම් (game settings) සිදු කිරීමටත් අවස්ථාව සළසා දී ඇත්තේ gaming සඳහාද මනා අවකාශයක් සලසා දෙමිනි. එමෙන්ම Zoom-in mode සහ සමඟින් අඳුරු ස්ථානයන්ගෙන් තොරව තිරය දැක ගැනීම පහසුවද තවත් සුවිසල් වාසියක් වනු ඇත. මේ සියලූ දේ සඳහා ක‍්‍රීඩකයින්ට අත්‍යාවශ්‍ය Motion Xcelerator Turbo Pro තාක්ෂණයද Neo QLED 8K හි අන්තර්ගත වේ.

මෙම නිෂ්පාදන පෙළ සැම්සුන් බලයලත් හවුල්කරුවන් වන Softlogic, Singer, Singhagiri සහ Damro වෙතින් දැන් ලබා ගත හැකිය. 

Visits: 35