සෙලින්කෝ ලයිෆ් ශ්‍රී ලංකාවේ වසරේ සන්නාමය ලෙසින් පිදුම් ලබයි

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනය (SLIM) විසින් සියළු අංශවල සන්නාම වෙනුවෙන් ප‍්‍රදානය කරන ඉහළම සම්මානය වන ‘ශ‍්‍රී ලංකාවේ වසරේ සන්නාමය’ යන සම්මානයෙන් සෙලින්කෝ ලයිෆ් සමාගම පසුගියදා පිදුම් ලැබීමට සමත්විය.  

මීට අමතරව, 2022 ශ‍්‍රී ලංකා අලෙවිකරණ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී මෙරට ජීවිත රක්ෂණ අංශයේ ප‍්‍රමුඛයා විසින් වසරේ සේවා සන්නාමය ලෙසින් රන් සම්මානය දිනාගත් අතර 2021 වසරේදීද මෙම සම්මානය දිනාගත්තේ සෙලින්කෝ ලයිෆ් සමාගම විසිනි. එසේම, සමාගම විසින් හඳුන්වාදුන් නවතම සැලසුමක් වන ‘සෙලින්කෝ ලයිෆ් පෙන්ෂන් සේවර්’ සඳහා ‘වසරේ වඩාත්ම නව්‍ය වූ සන්නාමය’ වෙනුවෙන් වන රිදී සම්මානය සමාගමට මෙහිදී හිමිවිය.

‘මේ ආකාරයෙන් 2022 වසර අවසන් කිරීම ඉතාමත් උසස් දෙයක් ලෙස සඳහන් කළ හැකියි,’ යනුවෙන් මේ පිළිබඳව අදහස් දක්වමින් සෙලින්කෝ ලයිෆ් සමාගමේ සභාපති ආර්. රෙන්ගනාදන් මහතා පැවසීය. ‘අභියෝග වලට මුහුණදී ජයග‍්‍රහණය කිරීම තුළින් සමාගමක සැබෑ ශක්තිය පෙනෙනවා. අපි ‘වසරේ සන්නාමය’ යන සම්මානය දිනාගන්නේ ඉතාමත් අභියෝගාත්මක වසරකදීයි. මේ තුළින් පෙන්නුම් කරන්නේ අපගේ සන්නාමයේ තිබෙන ශක්තිය සහ ධෛර්යයි. මේ වෙනුවෙන් කැපවීම් කළ අපගේ සියළුම සාමාජිකයින්ට සහ අපගේ රැකවරණය ලබන ශ‍්‍රී ලාංකිකයින් මිලියනයක් වෙත මේ සම්මානය මා පුද කරනවා.’   

මෙරට වෘත්තීය අලෙවිකරණ ක්ෂේත‍්‍රයේ විශාලතම වැඩසටහන වන ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවය තුළින් සෑම වසරකදීම ප‍්‍රධාන සම්මාන 05 ක් සහ විශේෂ සම්මාන 10 ක් ලබාදීම තුළින් ප‍්‍රමුඛතම සන්නාම ඇගයීමට ලක් කරනු ලබයි.

ශ‍්‍රී ලංකා අලෙවිකරණ ආයතනයේ සන්නාම විශිෂ්ටතා සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සෙලින්කෝ ලයිෆ් විසින් සම්මාන තුනක් දිනාගත් පිට පිටම දෙවන වසර ලෙසින් මෙය කැපී පෙනේ. 2021 පැවති සම්මාන ප‍්‍රදානෝත්සවයේදී සමාගම විසින් ශ‍්‍රී ලංකාවේ වසරේ සේවා සන්නාමය, සෙලින්කෝ ලයිෆ් ‘පෙන්ෂන් සේවර්’ රක්ෂණ සැලසුම සඳහා වසරේ හොඳම නව ඇතුල්වීමේ සන්නාමය සඳහා රන් සම්මානය සහ වසරේ ආයතනික සමාජ වගකීම් සන්නාමය සඳහා රිදී සම්මානය යන සම්මාන දිනාගන්නා ලදී.  

Visits: 52