සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන් සඳහා 60%ක් දක්වා වට්ටම්

උත්සව සමයේදී සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ් හිමියන් වෙත නිවැරදි තේරීම ගෙන එමින් පුළුල් පරාසයක විහිදුණු වට්ටම් හා ප්‍රතිලාභ රැසක් ලබා දීමට සම්පත්කාඩ්ස් කටයුතු කරනු ලබන බව පවසයි.

එහිදී දිවයින පුරා විසිරී සිටි හවුල්කාර අලෙවිසැල් සමඟ එක් වෙමින් සියලු සම්පත් කාඩ්පත් හිමියන් වෙත 60%ක් දක්වා වට්ටම් හිමි කර දීමට සම්පත් බැංකුව කටයුතු කළ අතර,‍ ඒ යටතේ තෝරාගත් අලෙවිසැල් මඟින් ලබා ගත් ඇඳුම් පැළඳුම් සඳහා 40%ක් දක්වා වට්ටම්ද, පාවහන් සඳහා 25%ක් දක්වාද, අත් ඔරලෝසු, සුවඳ විලවුන් හා රූපලාවන්‍ය නිෂ්පාදන සඳහා 25%ක් දක්වාද, කුඩා දරුවන් හා ළමයින්ගේ ඇඳුම් සහ තෑගි භාණ්ඩ සඳහා 25%ක් දක්වාද, නිවසට අවශ්‍ය ගෘහ උපකරණ සඳහා 25%ක් දක්වාද හිමිකර දෙන ලදී.

ඊට අමතරව තෝරාගත් අලෙවිසැල් තුළින් ස්වර්ණාභරණ මිලදී ගැනීමේදී 60%ක් දක්වා වට්ටම් හිමිකර දුන් අතර මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ පහසුකම්ද සළසා ගැනීමට ද අවකාශ උදා කර දී ඇත.

එසේම පොත් පත් සඳහා 30%ක් දක්වා වට්ටම්ද, ගෘහ හා විදුලි උපකරණ මිලදී ගැනීමේදී මාස 24ක් දක්වා පොලී රහිත පහසු ගෙවීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී සම්පත්කාඩ්ස් තුළින් ලබා දී තිබිණ.

සුපිරි වෙළෙඳසැල් තුළින් භාණ්ඩ මිලදී ගැනීමේදී 25%ක් දක්වා වට්ටම් හිමි කර දුන් සම්පත්කාඩ්ස් ඇස් කණ්ණාඩි හා ශ්‍රවණාධාර මිලදී ගැනී්මේදී 40%ක් දක්වා වට්ටම්ද හිමි කර දුනි.

ඊට අමතරව රථවාහන සේවා, අධ්‍යාපන, රෝහල් හා රක්ෂණ ගෙවීම් සඳහා පහසු ගෙවීමේ සැලසුම් ලබා ගැනීමේ අවස්ථාවද මේ උත්සව සමයේදී කාඩ්පත් හිමියන් වෙත උදා කර දීමට සමත් විය.

සම්පත්කාඩ්ස් මේ උත්සව සමය සතුටින් මෙන්ම සැහැල්ලුවෙන් ගත කිරීමේ අවස්ථාව කාඩ්පත් හිමියන් වෙත උදාකර දුන්නේ වගකීමෙන් යුතු ගනුදෙනුවක් සඳහා අවස්ථාව විවර කරමිනි. විශේෂයෙන් සම්පත්කාඩ්ස් ගනුදෙනුකරුවන් වෙත ස්තුතිය පලකරමින් ඔවුන්ට වසර පුරා සුවිසල් ප්‍රතිලාභ ලබා දීමේ සම්පත් බැංකුවේ මාහැඟි ප්‍රයත්නයේ කොටසක් ලෙසද මෙය පෙන්වා දිය හැකිය.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කාඩ් මධ්‍යස්ථාන සහකාර සාමාන්‍යාධිකාරී දර්ශින් පතිනායක මහතා සඳහන් කර සිටියේ “අපගේ ගනුදෙනුකරුවන්ගේ ජීවන රටාවන් සහ ඔවුන්ගේ අවශ්‍යතා නිරන්තරයෙන් වෙනස් වන බව අපි මනාව අවබෝධ කරගෙන තිබෙනවා. ඒ සමඟම උත්සව සමයේදී සම්පත්කාඩ්ස් වෙතින් සැලසුම් කළ සුවිශේෂී දීමනා සමඟින් ගනුදෙනුකරුවන්ගේ අවශ්‍යතා සපුරාලමින් වඩා වැඩි ප්‍රතිලාභ ඔවුන් වෙත ලබා දීමට අපි කටයුතු කළා. සෑම විටම වගකීමක් ඇති තේරීමක් වන සම්පත්කාඩ්ස් මේ වසරේදීත් අපගේ කාඩ්පත් හිමියන්ට හදපිරි උත්සව සමයක් උදාකර දීම වෙනුවෙන් අවශ්‍ය සහයෝගය ලබා දුන් බව සඳහන් කළ හැකියි. මේ සුවිශේෂී වට්ටම් හා දීමනා හිමිකර ගනිමින් උත්සව සමයේ ආදරණීයයන් සමඟ සතුට බෙදා හදා ගැනීමට එක් වූ අපගේ සියලුම සම්පත් ක්‍රෙඩිට් හා ඩෙබිට් කාඩ්පත් හිමියන්ට අප මේ මොහොතේ ස්තුති වන්ත වනවා.” යනුවෙනි.

Visits: 131