චීන එක්සිම් බැංකු සහ චීන සංවර්ධන බැංකු ප්‍රධානීන් ලෝක බැංකු සහ IMF ප්‍රධානීන් හමුවෙයි

චීන එක්සිම් බැංකුවෙහි සහ චින සංවර්ධන බැංකුවෙහි ප්‍රධානීන් සහ ලෝක බැංකුවේ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි ප්‍රධානීන් අතර ඊයේ දිනයේ චීනයේදී හමුවක් පැවැත්වුණු බව වාර්තා වෙයි.

මෙහිදී දෙපාර්ශ්වය අතර ජාත්‍යන්තර ආර්ථික තත්ත්වය සම්බන්ධයෙන් සහ ශ්‍රී ලංකාවද ඇතුළුව සංවර්ධනය වෙමින් පවතින රටවල ණය සම්බන්ධයෙන්ද ධනාත්මක සාකච්ඡාවක් සිදු වුණු බවත් සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මේ බව පවසා සිටියි.

ලෝක බැංකු සමූහයෙහි සභාපති ඩේවිඩ් මැල්පාස් සහ සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙහි කළමනාකරණ අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මේ දිනවල චීනයේ සංචාරකයක නිරතව සිටියි.

චීනයේ එක්සිම් බැංකුව සහ චීන සංවර්ධන බැංකුව එක්ව සංවිධානය කළ සාකච්ඡාමය මට්ටමේ රාත්‍රී භෝජන සංග්‍රහයක් අතරවාරයේදී මෙම හමුව සිදුව තිබේ.

Visits: 5