සංචාරකයන් 600ක් සමගින් කොළඹ වරායට සේන්දු වූ AZAMARA QUEST අද හම්බන්තොටට

සංචාරකයන් 600ක් රැගත් එක්සත් ජනපදයට අයත් ‘‘අසමාරා ක්වෙස්ට්‘‘ (AZAMARA QUEST) මගී ප්‍රවාහන නෞකාව ඊයේ සවස කොළඹ වරායට සේන්දු විය.

මෙම නෞකාවෙන් පැමිණි සංචාරකයන් ඊයේ දිනයේදී කොළඹ වරාය ආශ්‍රිතව ඉදිකර තිබූ අලෙවි හල් කිහිපයක් වෙත යාම මෙන්ම කොළඹ නගරයේ සංචාරයකද නිරත වී තිබේ.

මෙම AZAMARA QUEST නෞකාවේ කාර්ය මණ්ඩලය 408 ක් වන අතර සංචාරකයන් 686 දෙනෙකුට පහසුකම් සැලසීමේ හැකියාව පවතී.

කොළඹ වරායෙන් පිටත් වූ අසමාරා ක්වෙස්ට් නෞකාව අද සන්ධ්‍යාවේදී හම්බන්තොට වරායට සේන්දු වීමට නියමිත අතර එහි නැංගුරම් ලෑමටනියමිතව තිබේ.

ඒ අනුව සතියක කාලයක් ඇතුළතදී හම්බන්තොට වාරයේ නැංගුරම් දමනා දෙවන සුඛෝපභෝගී මගී ප්‍රවාහන නෞකාවද මෙය වෙයි.

Visits: 5