කොළඹ විශ්වවිද්‍යාලය සහ වන්ගෝල්ෆේස් එක්ව සංවිධානය කරන Rethinking Tourism සාකච්ඡාව අද

කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යාව සහ ආගන්තුකසත්කාර කළමනාකරණ පීඨ ආදි ශිෂ්‍ය සංගමය (Alumni ATEHM of University of Col) සහ වන්ගෝල් ෆේස් හෝටලය එක්ව සංවිධානය කරන Sri Lanka Tourism Expo වැඩසටහන යටතේ පැවැත්වෙන Rethinking Tourism සාකච්ඡාව අද පස්වරු 6.3ට වන් ගෝල් ෆේස් මෝල් හිදී පැවැත්විමට නියමිතව තිබේ.

මූලිකවම ශ්‍රී ලංකාවේ අනාගත සංචාරක කර්මාන්තය පිළිබදව අදහස් හුවමාරුවක් ලෙස පැවැත්වෙන මෙම සාකච්ඡාවේ තේමාව වන්නේ Future of Sri Lanka : Resilience and Sustainable යන්නයි.

මෙහිදී සාකච්ඡාවේ සම්පත් දායකයන් ලෙස SLAITO හි සභාපති නිෂාඩ් විජේතුංග, ජෝන් කීල්ස් හෝල්ඩිංග්ස් පීඑල්සී උප සභාපති, සිනමන් හොටෙල්ස් ඇන්ඩ් රිසෝට්ස් හි සාමාන්‍යාධිකාරී කමල් මුණසිංහ, කැපිටල් මහරාජා සමූහයේ සමූහ අධ්‍යක්ෂ චෙවාන් ඩැනියෙල් සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සංචාරක ආර්ථිකවිද්‍යාව සහ ආගන්තුකසත්කාර කළමනාකරණ පීඨ ආදි ශිෂ්‍ය සංගමයේ විධායක සභාපති මහාචාර්ය සුරංග සිල්වා යන මහත්වරු සම්බන්ධ වෙති.

මෙම Rethinking Tourism වැඩසටහන පිළිබඳ වැඩිදුර තොරතුරු දුරකතන අංක 0713565185 හරහා දම්සි ඇමතීමෙන් ලබා ගත හැකිය.

The Boundless Knowledge and Experience යන තේමාව යටතේ අද දිනයේදී ආරම්භවන මෙම Sri Lanka Tourism Expo වැඩසටහන ලබන නොවැම්බර් 20 වැනිදා දක්වා වන් ගෝල් ෆේස් පරිශ්‍රයේදී සංවිධානය වෙයි.

එහිදී සජීවී ආහාර පිසීමේ අවස්ථා, කොක්ටේල් තරග, කේක් නිර්මාණ තරග, සංස්කෘතික සංදර්ශන ඇතුළු අවස්ථා ගණනාවක් සංවිධානය කෙරී තිබේ.

Visits: 44