යුනිලිවර් ශ්‍රී ලංකා 2022 වසරේ ආසියාවේ හොඳම සේවා යෝජක සන්නාමයක් ලෙස පිළිගැනීමට ලක් වෙයි

සිංගප්පූරුවේ පසුගියදා පැවති 17 වැනි ආසියානු සේවා යෝජක සන්නාම සම්මාන උළෙලේදී 2022 වසරේ ආසියාවේ හොඳම සේවා යෝජක සන්නාමයක් (Asia’s Best Employer Brands) ලෙස තවදුරටත් සිය විශිෂ්ටත්වය තහවුරු කිරීමට යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම සමත් විය.

FMCG ක්ෂේත්‍රයේ දැවැන්තයකු ලෙස මානව සම්පත් කළමනාකරණය වෙනුවෙන් දැක්වූ දායකත්වය හේතුවෙන් යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම මෙහිදී ආසියාවේ හොඳම සමාගම් 50 අතරට ශ්‍රේණිගත කරනු ලැබීය.

ලෝක මානව සම්පත් සංවර්ධන සම්මේලනය (World Human Resources Development Congress) හා ක්ෂේත්‍රයේ ප්‍රමුඛයින් සත්කාරකත්වය සපයන සේවා යෝජක සන්නාම සම්මාන උළෙල ආසියානු ව්‍යාපාර සම්මේලනය විසින් පිළිගත් සම්මාන උළෙලකි.

සේවා යෝජක සන්නාමකරණයේ විශිෂ්ට භාවිතයන් බෙදාහදා ගැනීම වෙනුවෙන් ලොව පුරා ජ්‍යෙෂ්ඨ මානව සම්පත් නායකයින් එක් කරනු ලබන සංවිධානයක් වන Employer Branding Instituteආයතනය විසින් මෙම සම්මාන ඇගයීමට ලක් කරන ලදී. 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ මානව සම්පත් අධ්‍යක්ෂිකා අනන්‍යා සභාර්වාල් මහත්මිය මෙසේ සඳහන් කර සිටියාය.“අනාගත නායකයින් බිහි කිරීම වෙනුවෙන් අප සිදු කරන කැපවීම මේ ආකාරයේ සම්මානයක් තුළින් පිළිගැනීමට ලක්වීම පිළිබඳව මා ඉතාමත් සතුටට පත්වෙනවා’ යුනිලිවර් සමාගම විශ්වවිද්‍යාලයක් වැනි ආයතනයක් බව අපගේ බොහෝ  සාමාජිකයන්ගේ මතයයි. එසේම අපගේ ශ්‍රී ලාංකික තරුණ තරුණියන් ද අනාගත ලෝකයට ගැලපෙන පුරවැසියන් ලෙස ඉදිරියට ගෙන යාම අපගේ අභිලාශයයි- ඒ සඳහා අපි ඔවුන්ගේ පන්තිකාමරයේ සිදු කෙරෙන අධ්‍යයන කටයුතු  හා සමගාමීව වෘත්තීය අත්දැකීම් හා සංවර්ධන වැඩසටහන් ඔස්සේ ඔවුන්ට අර්ථවත් වෘත්තීය ජීවිතයකට ශක්තිමත් අඩිතාලමක් යොදා ගැනීමට උපකාර වෙනවා. විශේෂයෙන් මෙම අභියෝගාත්මක කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ ප්‍රගමනය හා අනාගතය වෙනුවෙන් කළ හැකි හොඳම ආයෝජනය තාරුණ්‍යය වෙනුවෙන් සිදු කරන ආයෝජනය බව අප නිරන්තරයෙන් විශ්වාස කරනවා.”

මෙහිදී අදහස් දැක්වූ යුනිලිවර් ශ්‍රී ලංකා සමාගමේ සභාපතිනි හා කළමනාකාර අධ්‍යක්ෂිකා හජාර් අලෆිෆි මහත්මිය “යුනිලිවර් සමාගමේ අනාගතවාදී දිශානතියට අනුව අද මෙන්ම හෙටත් අප ප්‍රජාවගේ රැකියා යෝග්‍යතාව ඔප්නැංවීම උදෙසා අපි කැපවී කටයුතු කරනවා’එසේම අපගේ තරුණ තරුණියන්ට අවශ්‍ය රැකියා හා කුසලතාවන් ගොඩනැංවීම සඳහා අනෙකුත් පාර්ශ්වකරුවන් සමඟ එක් වෙමින් වේගයෙන් වෙනස් වෙමින් පවතින ලෝකය සමඟ ඉදිරියට යාමට  ඔවුන්ව සවිමත් කිරීමටද කටයුතු කරනවා’  අපගේ ජනතාවට මෙන්ම තාරුණ්‍යයට නිරන්තර සහයෝගය ලබා දෙන අතරම ඒ තුළින් වඩා හොඳ හෙට දවසක් නිර්මාණය කිරීම වෙනුවෙන් ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීමටත් අප කටයුතු කරන බව සඳහන් කළ යුතුයි”යනුවෙන් පවසා සිටියාය.

සිය තරුණ වැඩසටහන් තුළින් ගෙවුණු වසර 5ක කාලය තුළ 30,000කට අධික ශ්‍රී ලාංකේය තරුණ තරුණියන් ප්‍රමාණයක් රැකියා ලෝකය සඳහා සවිබල ගන්වා  ඇති යුනිලිවර් ශ්‍රී ලංකා සමාගම පූර්ණ කාලීනව අධ්‍යාපනය ලබන අතරතුර අර්ධ කාලීන/ කෙටි කාලීන පුහුණු අවස්ථාවන් අපේක්ෂා කරනු ලබන තෝරාගත් උපාධි අපේක්ෂකයින් වෙත නම්‍යශීලී හා නව්‍ය කර්මාන්ත පුහුණු අවස්ථා පිරිනැමීමේ පුරෝගාමී ආයතනයක් ලෙසද සඳහන් කළ හැකිය.

Visits: 45