සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් රු. මිලියන 850ක හිමිකම් නිකුතුවක් සඳහා සූදානමක

සොෆ්ට්ලොජික් කැපිටල් පීඑල්සී හි අනුබද්ධිත සමාගමක් වන සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය රුපියල් මිලියන 850කට වඩා වැඩි හිමිකම් නිකුතුවක් දියත් කිරීමට සැලසුම් කර ඇතැයි පවසයි.

සිය ප්‍රාග්ධන ප්‍රමාණාත්මකතා අවශ්‍යතාවලට අනුකූලව ප්‍රාග්ධනය වැඩි කිරීමට මෙන්ම සිය ඩිජිටල්කරණ වැඩසටහන සහ ව්‍යාපාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා මෙම හිමිකම් නිකුතුව සිදු කිරිම අපේක්ෂාව වී තිබේ.

සමාගමේ කොටස් හිමියන් සතු සෑම සාමාන්‍ය කොටස් හාරසිය විසිතුනකටම (423) එක් කොටසක් රුපියල් 7.31 බැගින් නව සාමාන්‍ය කොටස් සියයක් (100) මෙම හිමිකම් නිකුතුව මගින් ක්‍රියාත්මක කරනු ඇත.

එක් කොටසක් රුපියල් 7.31 බැගින් වූ සාමාන්‍ය කොටස් එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක (116,483,901) හිමිකම් නිකුතුවක් මගින් නිකුත් කරන ලද කොටස් ප්‍රාග්ධනය වැඩිකර ගැනීමට සමාගම යෝජනා කරයි. එවිට සියලු කොටස්වල මුළු වටිනාකම රුපියල් අටසිය පනස් එක් මිලියන හාරසිය අනූ හත් දහස් තුන්සිය දහසය (851,497,316) ක් වේ.

මේ පිළිබඳව අදහස් දක්වමින් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනයෙහි වැඩබලන ප්‍රධාන විධායක නිලධාරීනී ඉවෝන් බ්‍රෝහියර් මහත්මිය, zzවසර දෙකක කාලයක් පුරා පවතින කොවිඩ්-19 වසංගතය සහ අප මෙතෙක් මුහුණ දෙන දරුණුතම මූල්‍ය අර්බුදය වැනි සිදු වීම්වලින් පසු රට තුළ පවතින පෙර නොවූ විරූ තත්වයට අප සාර්ථකව මුහුණ දෙමින් සිටිනවා- ඒ ඔස්සේ අපගේ ව්‍යාපාරය පුළුල් කිරීමටත් ඩිජිටල් තාක්ෂණය හරහා අපගේ අසමසම වූ සේවාවන් තුළින් අපගේ පාරිභෝගිකයින්ට පහසුකම් සලසා දීමටත් සොෆ්ට්ලොජික් ෆයිනෑන්ස් ආයතනය දැඩි අධිෂ්ඨානයකින් කටයුතු කරමින් සිටිනවා. මෙරට විශාලතම පාරිභෝගික පිරිසකට හිමිකම් කියන සොෆ්ට්ලොජික් සමූහය සහ එම සමාගම නියෝජනය කරන සමාගමක් ලෙස මෙය අපට වැදගත් අවස්ථාවක්. මෙම ප්‍රාග්ධනය අපගේ ප්‍රධාන අරමුණු ඉටුකර ගැනීම සඳහා මනා පිටුවහලක් වනු ඇතැයි අප විශ්වාස කරනවා.” යනුවෙන් පවසයි.

නියාමන ආයතනයන් විසින් Tier 1 Capial ප්‍රාග්ධන අවශ්‍යතාවයන් ලෙස දක්වා ඇති ප්‍රාග්ධන ධාරිතාවය එම මට්ටම තෙක් වර්ධනය කරගැනීම සඳහා නව ප්‍රාග්ධන සංචිතය ඉවහල් කර ගනු ඇත. එකසිය දහසය මිලියන හාරසිය අසූ තුන්දහස් නවසිය එකක (116,483,901) මෙම නව සාමාන්‍ය කොටස් කොළඹ කොටස් වෙළෙඳපොළේ දිරි සවි දර්ශකයේ ලැයිස්තුගත කෙරේ.

Visits: 114