DHL Express, 2022 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම සේවා ස්ථාන අතරේ ඉහළම පිළිගැනීමට පාත්‍ර වේ

DHL Express Sri Lanka යනු Great Place to Work® ආයතනය චිසින් 2022 වසරේ ප්‍රකාශයට පත්කර ඇති ශ්‍රී ලංකාව තුළ සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන 50 න් එකකි.

පසුගියදා පැවති සම්මාන ප්‍රදානෝත්සවයේදී DHL Express Sri Lanka, එහි ශක්තිමත් සහ අද්විතීය සමාගම් සංස්කෘතිය යළි අවධාරණය කරමින් හොඳම බහුජාතික සමාගමට හිමි සම්මානය සහ කුඩා ව්‍යවසාය කාණ්ඩය සඳහා වන රන් සම්මානය ද හිමිකර ගනු ලැබීය.

මීට අමතරව, DHL Express අඛණ්ඩව සිව්වන වරටත් Great Place to Work® නාමකරණය යටතේ ආසියාවේ අංක #1 හොඳම සේවා ස්ථානය ලෙස තේරී පත්ව ඇති අතර සමාගම ආසියානු ලැයිස්තුවේ ඉහළින්ම රැදෙමින් පසුගිය වසර හතක කාලය තුළ එම ජයග්‍රහණය හය වරක් සමරා තිබීම විශේෂත්වයකි. ආසියානු පැසිෆික් කලාපයේ රටවල් සහ ප්‍රදේශ 19 ක් 2022 වසරේ ‘සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථාන’ (Great Place to Work) ලෙසට සහතික කර ඇත.

වසර අටක් පුරාවට අඛණ්ඩව DHL Express Sri Lanka, සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙසින් පිළිගැනීමට පාත්‍ර වී ඇති අතර, ඒ තුළින් සේවකයින් හට ඉහළ වටිනාකමක් සහ සුවිශේෂී සේවා පරිසරයක් නිර්මාණය කිරීම සඳහා සමාගමේ සක්‍රීය දායකත්වය පිළිබිඹු කරවයි.

DHL Express Sri Lanka හි ප්‍රධාන විධායක කළමණාකරු දිමිත්‍රි පෙරේරා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”මේ වසරේ වැඩ කිරීමට සුදුසු ස්ථානයක් ලෙස නැවත වරක් පිළිගැනීමට පාත්‍ර වීමට හැකියාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. සමාගම් හිමිකාරීත්වය විසින් ධනාත්මක සංස්කෘතියක් ගොඩනැගීමට ඉහළ මට්ටමේ සිට මෙහෙයුම් ක්‍රියාත්මක කරනවා සේම ඒ සඳහා සමාගමේ සියලුම සේවකයින් විශාල සහයක් ලබා දෙනවා. සුවිශේෂී ප්‍රතිඵල අත්පත් කර ගැනීම සඳහා සියලු දෙනාම එක්ව ක්‍රියා කළ යුතු ආකාරය පිළිබඳව අවබෝදයක් සහිත ජයග්‍රාහී කණ්ඩායමක් ලෙස අපගේ සේවකයින්ට දියුණු වීමට සහ විශිෂ්ඨ වීමට හැකි පසුබිමක් අපි නිර්මාණය කර තිබෙනවා. මෙම සම්මාන හිමිවීම හරහා මිනිසුන්ට ඔවුන්ගේ උදාර අරමුණු ඉටු කර ගැනීමට සහ ඔවුන්ගේ හා ව්‍යාපාරයේ හොඳම අනුවාදය බවට පත්විය හැකි සේවා ස්ථානයක් ගොඩනැගීමට අප නිරතුරුව කැපවීමෙන් කටයුතු කරනවා.”

වසංගත තත්ත්වයෙන් පසුව DHL Express Sri Lanka, සිය කණ්ඩායම් අතර සහයෝගීතාවය තවදුරටත් වර්ධනය කරමින් සේවකයන් අතර සන්නිවේදනය ඩිජිටල්කරණය කරනු ලැබීය. සමාගම විසින් සේවකයින්ගේ ආරක්ෂාව සහ සෞඛ්‍යය පිළිබඳව ඉහළම ප්‍රමුඛතාවයක් ලබා දෙමින් ඔවුන්ගේ පෝෂණ අවශ්‍යතාවයන් සහ සැලකිලිමත් පරිසරයක් වැඩි දියුණු කිරීම සඳහා වන ගවේෂණ කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක කරනු ලබයි.

DHL Express හි මෙරට දේශීය ශ්‍රේණිගත කිරීම් ද එහි මව් සමාගමේ තත්ත්වයන්ට හා සමානවේ. ආසියාවේ හොඳම සේවා ස්ථාන ලැයිස්තුවේ අංක එකේ ස්ථානය හිමි කර ගැනීම හරහා සමාගම ජාත්‍යන්තර ලොජිස්ටික් සේවා සපයන්නා වශයෙන්, එහි ‘ගෞරවය සහ ප්‍රතිඵල’ (Respect & Result) යන්නා වූ ගුණාංග තුළින් සාධාරණව හා සුහදතාවය වර්ධනය කෙරෙන ශක්තිමත් සමාගම් සංස්කෘතියක් පෙන්නුම් කර ඇත.

සමස්තයක් වශයෙන්, සමාගමේ පුද්ගල උපාය මාර්ගය සහ සේවකයින් එහි ප්‍රධාන වත්කම් ලෙස සලකන බවට නැවත වරක් පසක්කර දෙමින් DHL Express කිහිප දෙනෙකුට පමණක් සීමා නොවී සිය සමස්ත ප්‍රජාව වෙනුවෙන් අඛණ්ඩව සේවාවන් සපයන විශිෂ්ඨ සේවා ස්ථානයක් ලෙස ස්ථාපිතව ඇත. අද වන විට 370,00 කට අධික සේවක පිරිසක් ඇගයීමට ලත් පුහුණු පාඨමාලා සඳහා සහභාගී වී තිබේ. සමාගමෙහි 27% ක් කාන්තාවන් නියෝජනය වන අතර සේවකයන් පැය 10,000 කට වඩා වැඩි කාලයක් සිය කැමැත්තෙන්ම ස්වේච්ජා සමාජ සේවා කටයුතු සඳහා සහභාගී වී ඇත.

DHL Express Sri Lanka හි මානව සම්පත් ප්‍රධානී තාරක ද සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේ පැවසීය ”වසංගත තත්ත්වයේ සිට අපගේ ශ්‍රම බලකාය උපායමාර්ගිකව කටයුතු කළා. වර්තමානය දක්වා අපගේ කණ්ඩායම් සාමාජිකයින් ඔවුන්ගේ විශිෂ්ඨවූ දායකත්වයන් ලබා දීම පිළිබඳව මම ආඩම්බර වෙනවා. අප කරන වැඩ කොටසේ කේන්ද්‍රස්ථානය වන්නේ මිනිසුන්. එම නිසා අපගේ ආචාර ධර්ම සැමවිටම අපගේ සේවකයින්ගේ යහපැවැත්ම තහවුරු කරනවා. එහි ප්‍රතිඵලයක් වශයෙන් අප සමාගමට සේවය කිරීමට ඇති හොඳම සේවා ස්ථානය ලෙස 2022 වසරේදී සම්මාන කිහිපයක් දිනා ගැනීමට අවස්ථාව ලැබුණා.”

Visits: 44