SME සඳහා නව ‘ezBiz’ ERP විසඳුමක් පිරිනැමීමට HNB සහ Thinkcube අත්වැල් බැඳ ගනියි

හැටන් නැෂනල් බැංකුව සිය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායන් (SMEs)වෙනුවෙන් ezBiz ව්‍යවසාය සම්පත් සැලසුම් කිරීමේ ^ERP& මෘදුකාංගය හඳුන්වා දීම සඳහා ඊළඟ පරම්පරාවේ ජකදමා පරිගණක සේවා සංවර්ධන සමාගමක් වන Thinkcube Systems (Pvt) Ltd. සමඟ පසුගියදා අවබෝධතා ගිවිසුමක් ^MoU& අත්සන් කර තිබේ.

බැංකුවේ පහළ මට්ටමේ සිටින කුඩා හා මධ්‍ය පරිමාණ (SME) ගනුදෙනුකාරභවතුන් සඳහා ERP විසඳුම්වල වෙළඳපල පරතරය දැරිය හැකි මිලකට සපුරාලීමේ අරමුණ ඇතිව HNB මෙම හවුල්කාරීත්වයට එළැඹිණි.

මේ පිළිබඳව අදහස් දක්වමින් HNB කුඩා හා මධ්‍ය පරිමාණ සේවා සහ හවුල්කාරිත්ව පිළිබඳ ප‍්‍රධානී, නිලූක අමරසිංහ මහතා පැවසුවේ ”සියලූම පරිමාණයේ ව්‍යාපාරයන් නිවැරදි තාක්ෂණයෙන් සන්නද්ධ වූ විට ඔවුන්ගේ එදිනෙදා මෙහෙයුම් කෙරෙහි අවධානය යොමු කරනවාට වඩා ඒවායේ වර්ධනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමටත් බාධාවකින් තොරව ක‍්‍රියාත්මක වීමටත් හැකි වෙනවා. කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය අංශයටත් මෙම ක‍්‍රමවේදය හඳුන්වා දීමට අප බලාපොරොත්තු වූයේ ඒ නිසයි. අපගේ දැනට සිටින SME පාරිභෝගිකයින්ට විශේෂ/සහනදායී මිලකට භාවිත කළ හැකි හොඳම මෙවලම වන්නේ Thinkcube System හි ezBiz ERP විසඳුමයි.” යනුවෙනි.

ezBiz විසඳුම ව්‍යාපාරවල අවශ්‍යතා සපුරාලන යෙදවුමක් වන අතර එය  ඕනෑම වේලාවක,  ඕනෑම තැනක සිට ඔවුන්ගේ ව්‍යාපාරික දත්ත වෙත පහසුවෙන් ප‍්‍රවේශ වීමේ පහසුව සමඟ සැමවිටම පරිශීලක-හිතකාමී අත්දැකීමක් සහතික කරයි.

මිලදී ගැනීම්, Point of Sale (POS), ගිණුම්කරණය, ඉන්වෙන්ටරි, රැකියා, විකුණුම් සහ පාරිභෝගික සම්බන්ධතා කළමනාකරණය (CRM) ඇතුළුව cloud මත පදනම් වූ කාර්යයන් සමඟින් සවිබල ගැන්වී ඇති කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට තම ව්‍යාපාරය තව තවත් ඉහළට ගෙන යාමට මෙය කදිම අවස්ථාවක් ලෙස දැක්විය හැකිය.

”අපගේ ERP විසඳුම ජංගම දුරකතන අලෙවි සැල්, ෆාමසි, දෘඩාංග වෙළඳසැල්, පොත් සාප්පු, රූපලාවණ්‍ය භාණ්ඩ අලෙවි සැල්, අවන හල්, ඇඳුම් අලෙවි සැල් සහ කුඩා අලෙවි සැල් ඇතුළුව SME ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවක් භාවිත කරන ඉතා සාර්ථක මෙවලමක් ලෙස හඳුන්වා දිය හැකියි. අපි අපගේ ezBiz විසඳුම මහජනතාව හොඳින් හඳුනන නාමයක් බවට පත් කිරීමට අපේක්ෂා කරන අතර HNB සමඟ ඇති මෙම හවුල්කාරීත්වය හරහා SME ව්‍යවසායකයින් විශාල සංඛ්‍යාවකට මෙම පහසුකම ලබා ගැනීමට මෙය කදිම අවස්ථාවක් සපයනවා.” යනුවෙන් Thinkcube Systems ^Pvt& Ltd අධ්‍යක්ෂ දමිත කාරියවසම් මහතා පැවසුවේය.

Thinkcube Systems සමඟ ඇතිකරගත් මෙම හවුල්කාරීත්වය හරහා HNB කුඩා හා මධ්‍ය පරිමාණ පාරිභෝගිකයින්ට පූර්ණ ERP විසඳුමක් වෙත ප‍්‍රවේශ විය හැකියාව ලැබේ. එමගින් ඔවුන්ගේ ව්‍යාපාරය පිළිබඳ වැදගත් MIS (කළමනාකරණ තොරතුරු පද්ධතිය) වඩාත් පහසුවෙන් ලබා ගැනීමට හැකි වන අතර ඔවුන් මූල්‍ය ආයතනවලින් ණය පහසුකම් ලබා ගන්නා විට ඒවා ඵලදායී ලෙස භාවිත කිරීමට මෙය උපකාරී වේ.

මෙම අවබෝධතා ගිවිසුම යටතේ HNB විසින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ මෙහෙයුම් වල ප‍්‍රමිතීන් ඉහළ නංවාලීම සඳහා ප‍්‍රධාන කාර්යභාරයක් ඉටු කරනු ඇති අතර Thinkcube Systems ^Pvt& Ltd විසින් ERP විසඳුම් පිරිනැමීම සහ අලෙවියෙන් පසු සේවා නිසි ලෙස ක‍්‍රියාත්මක වීම සහතික කරනු ඇත.

Visits: 70