වසරකදී මෙරටට එවන ඩොලර් 20,000කට විදුලි මෝටර් රථයක් සඳහා බලපත්‍රයක්

විදේශ ගත ශ්‍රමිකයින් නීත්‍යානුකූලව බැංකු ක්‍රමය හරහා මෙරටට මුදල් එවීමේදී ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනයනය කිරීමට ආනයනය බලපත්‍රය ලබාගැනීම සදහා වන අයදුම්ත්‍රය ප්‍රසිද්ධියට පත් කර ඇතැයි කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව එම අමාත්‍යාංශ වෙබ් අඩවියට පිවිසීමෙන් හෝ https://si.labourmin.gov.lk/…/02.2022-Application… යන වෙබ් ලිපිනය ඔස්සේ අදාල අයදුම්පත්‍රය ඩවුන්ලෝඩ් කරගත හැකිය.

ඒ අනුව මේ වසරේ මැයි පළමුවැනිදා සිට ලබන වසරේ අප්‍රේල් 30 වැනිදා දක්වා කාලය තුලදී ඇමරිකානු එක්සත් ජනපද ඩොලර් තුන්දහකට (රුපියල් එකලොස් ලක්ෂයකට) වඩා වැඩි මුදලක් බැංකු ක්‍රමය හරහා මෙරටට එවා ඇති ශ්‍රමිකයින් සදහා තමන් එවා ඇති මුදල් ප්‍රමාණයෙන් 50%ක වටිනාකමකින් යුත් ඉලෙට්‍රික් යතුරුපැදියක් ආනයනය කිරීම සදහා අවසර හිමිව තිබේ.

එසේම මේ වසරේ මැයි පළමුවැනිදා සිට දෙසැම්බර් 31 වැනිදා දක්වා වන කාලයක තුළදී ඇමෙරිකානු එක්සත් ජනපද ඩොලර් විසිදහසක මුදලක් (රුපියල් හැත්තෑ තුන් ලක්ෂ හැට දහසක්) එවා ඇති ශ්‍රමිකයින් සදහා ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අවසර ලබාදෙන බවද චක්‍රලේඛයේ  වැඩිදුරටත් සදහන් වේ.

මෙලෙස විදේශ ගත ශ්‍රමිකයින්ට ඉලෙක්ට්‍රික් වාහනයක් ආනයනය කිරීම සදහා අමාත්‍ය මණ්ඩල මගින් මීට පෙර අනුමැතිය ලබාදී තිබුණි. ඒ අනුව ඉලෙක්ට්‍රික් වාහන ආනයනය සදහා අවසර ලබාදෙන ගැසට් නිවේදනය සහ අයදුම්පත්‍රය මෙහිදී නිකුත් කිරීම සිදුව තිබේ.

විශේෂයෙන්ම අද වනවිට රට තුළ පවතින විදේශ විනිමය අර්බුදය හේතුවෙන් මෝටර් රථ ආනයනය නවත්වා තිබීම යටතේ මෙම බලපත්‍ර පිරිනැමීම සිදු වෙයි. කෙසේ වෙතත් මෙහිදී කිසිදු ආකාරයක බදු සහනයක් ප්‍රදානය නොකරන බව රජය සඳහන් කර තිබේ.

Visits: 104