INSEE සිමෙන්ති නැවතත් LMD ශ්‍රේණිගත කිරීමෙහි වඩාත් ගෞරවණීය ආයතන අතරට

ශ්‍රී ලංකාවේ සිමෙන්ති වෙළඳපොළ ප්‍රමුඛයා මෙන් ම එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති, LMD සඟරාවේ 2022 වසරට අදාළ ශ්‍රේණිගත කිරීමට අනුව වඩාත් ගෞරවණීය සන්නාමයන් අතරට නම් කෙරිණි.

A.C.Nielsen ආයතනය විසින් විවිධ ක්‍රමවේද ඔස්සේ සිදුකරන ලද සමීක්ෂණවල දත්ත මත මෙම ශ්‍රේණිගත කිරීම පදනම් වී ඇත. මෙම ශ්‍රේණිගත කිරීම මෙරට ආයතනික අංශ තුළ වඩාත් කීර්තිමත් සම්මානයක් වන අතර, එමගින් INSEE සිමෙන්ති මෙරට වෙළෙඳපොළ තුළ ගොඩනඟාගෙන තිබෙන විශිෂ්ටත්වය තහවුරු කරයි.

මෙම ජයග්‍රහණය පිළිබඳව අදහස් දක්වමින් INSEE සිමෙන්ති සමාගමේ සභාපති/ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා සඳහන් කළේ, ” 2022 වසරේ වඩාත් ම ගෞරවණීය ආයතන ලැයිස්තුවට INSEE සිමෙන්ති නාමය ඇතුළත් වීමට අපගේ ගුණාත්මක නිෂ්පාදන වගේ ම එමගින් අප ගොඩනඟාගෙන තිබෙන විශ්වාසයත් හේතු වුණු බව පැවසිය යුතු ම යි. මෙරට සිමෙන්ති වෙළෙඳපොළ තුළ විටින් විට මිල ගණන් අස්ථාවර වූ අවස්ථාවල දී පවා, 100% දේශීයව නිපදවන එක ම සිමෙන්ති නිෂ්පාදනය වන INSEE සංස්ථා සිමෙන්ති හරහා පාරිභෝගික ජනතාව වෙත සහන සැලසීම නිසා අප කෙරෙහි පැවති පාරිභෝගික ආකර්ෂණය හා විශ්වාසය තවත් වර්ධනය වුණු බව පැවසුවොත් නිවැරදි යි.” යනුවෙනි.

මෙරට එක ම ඒකාබද්ධ සිමෙන්ති නිෂ්පාදකයා වන INSEE සිමෙන්ති ගෝලීය වසංගත තත්ත්වය සහ වත්මන් ආර්ථික අර්බුදය යන අවස්ථා දෙකෙහි දී ම, වෙළෙඳපොළ වෙත අඛණ්ඩව සිමෙන්ති සැපයීමට කටයුතු කළේ ය.

2021 වසරේ දී මෙරට වෙළෙඳපොළ තුළ සිමෙන්ති හිඟයක් නිර්මාණය වූ අවස්ථාවේ දී INSEE සිමෙන්ති සමාගම සතියේ දින 7 ම පැය 24 පුරා සිය උපරිම නිෂ්පාදන ධාරිතාවෙන් ක්‍රියාත්මක වෙමින්, සමස්ත දේශීය වෙළෙඳපොළ ඉල්ලුමෙන් 40%කට වැඩි ප්‍රතිශතයක් සපුරාලීමට සමත් වූ අතර, එ මගින් ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්ෂේත්‍රය තුළ මිල ගණන් ස්ථාවර කිරීමට සහ ව්‍යාපාර අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා සහයෝගය ලබා දීමට සමත් විය.

Visits: 48