CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම Asiavet Lifesence (පෞද්) සමාගම මිලදී ගනී

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පශු වෛද්‍ය සේවාවන් සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය කිරීමේ නිරත Asiavet Lifesence (පෞද්) සමාගම මිලදී ගත් බව පවසයි.

අද දිනයේදී එම සමාගම කොළඹ කොටස් හුවමාරුව වෙත ලිපියක් මගින් මේ පිළිබඳව දැනුම් දී තිබේ.

ඒ අනුව පසුගිය අගෝස්තු 31 වැනිදා වනවිට Asiavet Lifesence (පෞද්) සමාගමේ කොටස් 2,750,100ක් මිලදී ගැනීමට සමාගම කටයුතු යොදා ඇති බවත්, මෙය එම සමාගම නිකුත් කර ඇති කොටස් අතරින් 100%ක කොටස් ප්‍රතිශතයක් නියෝජනය කරන බවත් CIC හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

ඒ අනුව Asiavet Lifesence (පෞද්) සමාගම මේ වන විට සිය පූර්ණ හිමිකාරිත්වය සහිත පරිපාලිත සමාගමක් බවට පත්ව ඇතැයිද CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම පවසයි.

මෙම Asiavet Lifesence (පෞද්) සමාගම මෙරට තුළ පශු වෛද්‍ය කටයුතු සඳහා අවශ්‍ය ඖෂධ ආනයනය සහ බෙදාහැරීම සිදු කරන සමාගමකි. කටුනායක පන්සල පාරේ එය පිහිටා තිබේ. මෙම සමාගම ගවයන්, බැටලුවන්, සුනඛයන්, කුකුළන් ඇතුළු සතුන්ගේ ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ සම්බන්ධයෙන් කටයුතු කරන සමාගමකි.

මෙම මිලදී ගැනීමත් සමගින්ම CIC හෝල්ඩිංග්ස් සමාගම මගින් සිදු කරන පශුසම්පත් හා සම්බන්ධ කටයුතු සඳහා වඩාත් පහසුවක් වනු ඇතැයි සඳහන් වෙයි.

CIC හෝල්ඩිංග්ස් පීඑල්සී සතුවද CIC Vetcare (Pvt) Ltd නමින් මෙම පශු වෛද්‍ය කටයුතු සඳහා ඖෂධ ආනයනය කර බෙදාහැරීමේ සමාගමක් පවතී.

Visits: 284