LOFC සහ NIFL ඒකාබද්ධයට මහ බැංකු අනුමැතිය

LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගමට අයත් කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත LOLC Finance PLC  (LOFC) සහ LOLC Development Finance PLC (NIFL) යන මූල්‍ය සමාගම් ඒකාබද්ධ කිරීම සඳහා වන අනුමැතිය ලබාදීමට මහ බැංකුව කටයුතු යොදා ඇතැයි පවසයි.

ඊයේ (අගෝස්තු 24) දිනයේදී මෙම අනුමැතිය අදාළ ලිපිය නිකුත් කෙරී ඇති බව LOLC හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම ලිපියක් මගින් පවසා සිටියි.

කෙසේ වෙතත් මෙම තීරණය සම්බන්ධයෙන් වන නියාමන අනුමැතිය මෙන්ම ව්‍යවස්ථාපිත අවශ්‍යතාවන්ද සැපිරීමට LOLC සමූහයට සිදුව තිබෙන බවත් එහි වැඩිදුරටත් සඳහන් වෙයි.

මෙරට තුළ ක්‍රියාත්මක මූල්‍ය සමාගම් සඳහා අවශ්‍ය මූලික ප්‍රාග්ධන අවශ්‍යතාවන් සැපිරීම වෙනුවෙන් ඒවා ඒකාබද්ධ කිරීමේ ශ්‍රී ලංකා මහ බැංකුවේ සැලසුම යටතේ මෙලෙස LOLC Finance PLC සහ LOLC Development Finance PLC යන සමාගම් ඒකාබද්ධවීම සිදුවිය.

ඒ අනුව මින් ඉදිරිය LOLC Finance PLC සමාගම නමින් පමණක් මෙහෙයුම් කටයුතු සිදු කරනු ඇති බවත් සඳහන් වෙයි.

මීට පෙර LOLC සමූහයට අයත් කොමර්ෂල් ලීසිං ඇන්ඩ් ෆිනෑන්ස් සමාගම LOLC Finance PLC සමගින් ඒකාබද්ධවිම සිදුවිය.

Visits: 286