මහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ හයිඩ් පාක් කෝනර් ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා සිදුකෙරිණි.

කොළඹ 02, උද්‍යාන වීදියේ, පාක්ලන්ඩ් ගොඩනැගිල්ලේ, අංක 33 දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව අති නවින ඩිජිටල් තාක්ෂණයෙන් සහ සුවිශේෂි සේවාවන්ගෙන් සමන්විත වන අතර, මෙහි මහජන බැංකුවේ ස්වයං බැංකුකරණ ඒකකයක්ද ස්ථාපිත කර ඇත.

මෙම අවස්ථාවට කොළඹ මහා නගර සභාවේ නාගරික කොමසාරිස් භද්‍රානී ජයවර්ධන, මහජන බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (ගෙවීම්, ඩිජිටල්, ක්‍රියාවලි කළමනාකරණ සහ තත්ත්ව සහතික) කේ.බී. රාජපක්ෂ, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) රෝහිනි මදුරාවල, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, කොළඹ දකුණ ප්‍රාදේශීය කළමනාකාර මාධව කනක්ක හේවගේ, සහකාර ප්‍රාදේශීය කළමනාකාර ටී. සුදාකර්, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනියන් වන කේ.ඒ උදේනි ධර්මසිරි හා ඩබ්ලිව්. ජී. පී. දමයන්ති, හයිඩ් පාර්ක් කෝනර් ශාඛා කළමනාකාර ලලිත් හිරිමුතුගොඩ යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු නිලධාරීන්, ආරක්ෂක අංශ නිලධාරීන් සහ ගනුදෙනුකරුවන් සහභාගි විය.

මෙම ශාඛාව, මහජන බැංකුවේ 25 වැනි ශාඛාව ලෙස 1962.11.02 වසරේදී උද්‍යාන වීදිය ශාඛාව නමින් විවෘත කෙරිණි. අනතුරුව 2000 දශකයේ මැද භාගයේදී හයිඩ් පාර්ක් කෝනර්හි මෙය ස්ථාපිත කළ පසු ‘හයිඩ් පාර්ක් කෝනර් ශාඛාව’ ලෙස නම් කරන ලදි. මෙම ශාඛාවට වසර 50ක් පිරෙන මේ වසරේදී නැවත උද්‍යාන විදීයේම නව පරිශ්‍රයක ස්ථාපිත කිරීම විශේෂත්වයකි.

Visits: 46