Huawei කලාපීය සිසු කුසලතා වර්ධනයට ආසියානු පැසිෆික් Seeds for the Future දියත් කරයි

Huawei විසින් ASEAN පදනම සහ තායිලන්ත සංචාරක අධිකාරිය හා එක්ව ආසියානු පැසිෆික් කලාපය නියෝජනය කරන Seeds for the Future 2022 වැඩසටහන පසුගියදා දියත් කරන ලදී.

අගෝස්තු 19 සිට 27 දක්වා මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර, මෙමගින් තායිලන්තය, ශ්‍රී ලංකාව, නේපාලය, බංග්ලාදේශය, ලාඕසය, කාම්බෝජය, ඉන්දුනීසියාව, ජපානය, මැලේසියාව, සිංගප්පූරුව, දකුණු කොරියාව, පිලිපීනය ඇතුළු රටවල් 16 ක දක්ෂ සිසුන් 120 කගේ කුසලතා සංවර්ධනය කිරීමට නියමිතය.

මේ සඳහා සහභාගී වන සිසුන් හට Tech4Good ව්‍යාපෘති හරහා සමාජ ගැටලු විසඳීමට තාක්ෂණික විසඳුම් යෝජනා කිරීමටත් විවිධ සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමටත් අවස්ථාව හිමිවේ.  Huawei සහ ASEAN පදනම 2021 වසරේදී අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමෙන් පසු, ඒ හරහා ක්‍රියාත්මක වන ප්‍රථම වැඩසටහන මේ බවට පත්වේ. මේ සඳහා සහභාගී වන සිසුන් හට  බැංකොක් වෙත සංචාරය කරමින් එහි සංස්කෘතීන් පිළිබඳ ඉගෙනීමට සුවිශේෂී අවස්ථාවක් හිමිවේ.

මෙහි සමාරම්භක උත්සවයට පළාත් පාලන ආයතනවල නිලධාරීන් මෙන්ම ජාත්‍යන්තර සංවිධාන කිහිපයක නියෝජිතයන්ද සහභාගි විය. කලාපයේ ඩිජිටල් කුසලතා  පද්ධතිය සඳහා ශක්තිමත් පදනමක් නිර්මාණය කිරීමේදී බහු-පක්ෂ සහයෝගීතාවය ඉටු කරන වැදගත් කාර්යභාරය මෙම අවස්ථාවේ දී ක්ෂේත්‍ර ප්‍රවීණයින් විසින් ඉස්මතු කරන ලදී.

මෙම වැඩසටහන ASEAN පදනමේ විධායක අධ්‍යක්ෂ Dr. Yang Mee Eng, ඩිජිටල්කරණ පර්යේෂණ සහ සංවර්ධන සඳහා TAT හි නියෝජ්‍ය අධිපති Nithee Seeprae, Huawei Asia Pacific හි සභාපති Simon Lin සහ Huawei තායිලන්ත ප්‍රධාන විධායක නිලධාරී Abel Deng යන මහත්වරුන් එක්ව දියත් කරන ලදී.

සහභාගිවන්නන්ට TAT වෙතින් තානාපති සහතික ද පිරිනමන ලදී. සිසුන් බැංකොක්හි එක්සත් ජාතීන්ගේ කලාපීය මධ්‍යස්ථානය, මෙටාවර්ස් එක්ස්පෝ සහ බැංකොක්හි ග්‍රෑන්ඩ් පැලස් ඇතුළු අඩවි චාරිකා වලින් පිරුණු සංස්කෘතික හා ඩිජිටල් ගමනක් ආරම්භ කරනු ඇත. ඒ අතරම, සහභාගිවන්නන්ට 5G, AI, සහ ක්ලවුඩ් කම්පියුටින් වැනි අති නවීන තාක්‍ෂණයන් පිළිබඳව කර්මාන්තයේ ප්‍රමුඛ විශේෂඥයින්ගෙන් පුහුණුව ලබා දෙනු ඇත.

මෙහි ඩිජිටල් පුහුණු වැඩසටහන අතරතුර, සහභාගිවන්නන් කණ්ඩායම් වශයෙන් එකතු වී “Tech4Good” ව්‍යාපෘති සංවර්ධනය කිරීමට බලාපොරොත්තු වන අතර එහිදී ඔවුන් වඩා හොඳ ඩිජිටල් ලෝකයක් සඳහා ඔවුන්ගේ අත්දැකීම් බෙදා ගනු ඇත. ජයග්‍රාහී කණ්ඩායම් සඳහා අගෝස්තු 29 සිට සැප්තැම්බර් 4 දක්වා සිංගප්පූරුවේ පුහුණුවක් ලබාදීමට නියමිතය.

මෙම පුහුණුව ඔවුන්ට ඉහළ පෙළේ ව්‍යවසායකයින් සහ ආයෝජකයින් හමුවීමට සහ ඔවුන්ගේ මුලපිරීම් තවදුරටත් වර්ධනය කිරීමට අවස්ථාවක් ලබාදෙයි. ලොව පුරා ඉහළම විශ්ව විද්‍යාලවල තරුණ දක්ෂතා එක් කරන Huawei හි ප්‍රමුඛතම ආයතනික සමාජ වගකීම් වැඩසටහන වේ. 

Seeds for the Future වැඩසටහන 2008 දී තායිලන්තයේ දියත් කරන ලද්දේ ICT කුසලතාවන් දිරිමත් කිරීමට සහ ඩිජිටල් විසඳුම් සමඟ සමාජ අභියෝගවලට මුහුණ දීමට ඔවුන් දිරිගැන්වීම සඳහා ය. 2021 අවසානය වන විට, මෙම වැඩසටහන රටවල් 137 ක සහ කලාපවල ක්‍රියාත්මක කර ඇති අතර, විශ්ව විද්‍යාල 500 කට අධික සංඛ්‍යාවක සිසුන් 12,000 ක් වෙත ළඟා විය.

Visits: 62