රජයේ පොරොත්තු ලේඛනයේ සිටින රෝගීන්ට එම සැත්කම් සඳහා සාධාරණ මිලට හේමාස් රෝහල්හිදී අවස්ථාවක්

රජයේ රෝහල් තුළදී සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් රජයේ පොරොත්තු ලේඛනයන්හි සිටින රෝගීන්ට නව ජීවන හුස්මක් ලබා දෙමින් එම සැත්කම් වඩාත් සාධාරණ මිලකට සිදු කරගැනීමේ අවස්ථාව ලබා දීමට හේමාස් රෝහල් සමූහය පියවර ගෙන ඇතැයි පවසයි.

මේ අනුව විවිධ සැත්කම් සිදු කරගැනීමේ අපේක්ෂාවෙන් රජයේ රෝහල්වල ලියාපදිංචිව සිටින රෝගීන්ට තම විශේෂඥ වෛද්‍යවරයාගේ මග පෙන්වීම යටතේ හේමාස් රොහල් සමූහයට අයත් රෝහලකදී මෙම සැත්කම් සඳහා සහනදායී වට්ටමක් සහිතව වඩාත් සාධාරණ, දැරිය හැකි මිලකට සිදු කර ගත හැකි වීම මෙහි විශේෂිත වාසියයි.

පවතින ආර්ථික හා සමාජ අර්බුදය හමුවේ අන්තර්ජාතික මට්ටමේ සුවසේවා වෙත පිවිසීමට මහජනතාවට ඇති අවස්ථාවන් සීමා සහිත වීම හමුවේ රටේ පුරවැසියන්ගේ සුවපත් බව සිය මූලික අරමුණ කර ගත් හේමාස් රෝහල් සමූහය විසින් මෙම සුවිශේෂී පියවර ගෙන ඇත.

විදේශ විනිමය හිඟය හේතුවෙන් මෙරට සෞඛ්‍ය ක්ෂේත්‍රය බරපතළ ඖෂධ හා වෛද්‍ය උපකරණ හිඟයකට මුහුණ පාමින් සිටින අතර රජයේ සෞඛ්‍ය ක්ෂේත්‍රය මෙහි වඩාත් අහිතකර බලපෑමට මුහුණ දී සිටීයි. මේ තත්වය අවබෝධ කර ගත් හේමාස් රෝහල් සමූහය සෑම ශ්‍රී ලාංකිකයකුටම ජාත්‍යන්තර මට්ටමේ සුවසේවාවක් වෙත ප්‍රවේශ වීමේ අයිතිය මෙම වැඩපිළිවෙළ මගින් තහවුරු කර ඇත.

මේ අනුව හේමාස් රෝහල් සමූහයට අයත් හේමාස් වත්තල හා තලවතුගොඩ රෝහල් වෙතින් අවයව බද්ධ කිරීමේ සිට එක් දිනක් තුළ සිදු කර ගත හැකි සැත්කම් සඳහා අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.

පවතින අර්බුදකාරී තත්වය තුළ රජයේ රෝහල් වලින් සැත්කම් සිදුකර ගැනීමේ අපේක්ෂාවෙන් පොරොත්තු ලේඛනයන්හි විශාල පිරිසක් රැඳී සිටින අතර ඖෂධ හා වෛද්‍ය සැපයුම්වල පවතින අඩුපාඩු හමුවේ දෛනිකව රජයේ රෝහල්වල සිදු කෙරෙන සැත්කම් විශාල සංඛ්‍යාවක් සීමා කිරීමට සිදු ව ඇත.

අදාළ ශල්‍ය වෛද්‍යවරයාගේ නිර්දේශය සහ මගපෙන්වීම මත හේමාස් රෝහල් සමූහයට පැමිණෙන රෝගීන්ට වකුගඩු බද්ධ කිරීම, විකලාංග ක්ෂේත්‍රයේ සුළු සහ අනෙකුත් ප්‍රධාන සැත්කම් ද, උරස් හා උදර කුහරය ආශ්‍රිත සුළු හා සාමාන්‍ය තත්වයේ සැත්කම් ද , සුවනාරි ක්ෂේත්‍රයට අයත් වන සුළු හා සාමාන්‍ය සැත්කම් ද , උගුර කන් නාසය සැතක්ම් හා මෞත්‍රලිංග ආශ්‍රිත සුළු සැත්කම් සහ සියලු ශල්‍යකර්ම සඳහා රජයේ රෝහල් හි ලියාපදිංචි ව සිටින රෝගීන්ට හේමාස් රෝහල් සමූහය වෙතින් දැරිය හැකි මිලකට තම සැත්කම සිදු කර ගත හැකි වනු ඇත.

0773920702 හෝ 076 302 2535 යන දුරකථන අංකයන් ඇමතීමෙන් මේ වැඩසටහන පිළිබඳව වැඩිදුර තොරතුරු දැන ගත හැක.

Visits: 67