ධම්මික පෙරේරා පිරිවෙනටත් අත තියයි – DPPirivena අරඹයි

මෙරට ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතා සහ ඒ මහතාගේ බිරිඳ වන ප්‍රිසිලා පෙරේරා එක්ව පිහිටුවා ගෙන ඇති DP Foundation මගින් ක්‍රියාත්මක DPEducation වැඩසටහන මගින් පිරිවෙන් අධ්‍යාපනය ලබාදීමේ කටයුතුද අරඹා ඇතැයි පවසයි.

සියලු දානයන්ට වඩා ධර්ම දානය උතුම් වන්නේය යන තේමාව යටතේ මෙම DPEducation පිරිවෙන් අධ්‍යාපනය ලබාදීම සිදු වෙයි.

මෙම අධ්‍යාපන වැඩසටහන් වෙත පිවිසීම www.dppirivena.lk වෙබ් අඩවිය හරහා හෝ https://t.co/CETABOKTPC යන යූටියුබ් සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

මෙහිදී 1 ශ්‍රේණියේ සිට 5 වැනි ශ්‍රේණිය දක්වා වන ලෙස මෙම පිරිවෙන් අධ්‍යාපනය ලබාදීම සිදු කෙරේ. ඒ අනුව ත්‍රිපිටකය, සංස්කෘත සහ පාලි භාෂාවන් යන විෂයන්ට අමතරව ඉංග්‍රීසි, ගණිතය මෙන්ම විද්‍යාවත් මෙම පිරිවෙන් අධ්‍යාපනය හරහා ලබා දිම සිදු වෙයි.

Visits: 136