එක්ස්පෝ ලංකා සතුව තිබූ සමාගම් දෙකක් රු.බි. 1.3කට DP Logistics වෙත අලෙවි කරයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත එක්සෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී සමාගම සිය පූර්ණ හිමිකාරීත්වය සහිත පරිපාලිත සමාගමක් වන Expolanka Freight (පෞද්) සමාගම තමන් යටතේ තිබූ සමාගම් දෙකක් DP. Logistics (පෞද්) සමාගම වෙත අලෙවි කර ඇතැයි පවසයි.

පසුගිය ජූලි15 වැනිදා මේපිළිබඳව එකඟතාවකට පැමිණි බව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් ලිපියක් මගින් කොළඹ කොටස් හුවමාරුව වෙත දැනුම් දී තිබේ.

ඒ අනුව මෙහිදී Expolanka Freight (පෞද්) සමාගම සතුව තිබූ Pulsar Shipping Agencies (පෞද්) සමාගම සහ Pulsar Marine Services (පෞද්) සමාගම යන සමාගම් හි සමස්ත හිමිකාරීත්වය මෙලෙස අලෙවි කරන බව එක්ස්පෝ ලංකා හෝල්ඩිංග්ස් පීඑල්සී පවසයි.

මෙම සමාගම් දෙක අලෙවියේ සමස්ත වටිනාකම රුපියල් බිලියන 1.344ක් (1,344,214,000.00ක්) වන බවත් සමාගම සඳහන් කරයි.

විශේෂයෙන්ම එක්පෝලංකා හෝල්ඩිංග්ස් සමාගමෙහි ව්‍යාපාර කළඹ පිළිබඳව සිදුකළ උපායමාර්ග විමසුමකින් අනතුරුව මෙලෙස එම සමාගම් අත්හැරීමට තීරණය කළ බව සමාගම පවසයි. එසේම සිය සමූහයේ මූලික ව්‍යාපාරික කටයුතු පිළිබඳව ඉදිරියේදී වඩා වැඩි අවධානයක් යොමු කරන බවත් සමාගම පවසා සිටියි.

මෙම Pulsar Shipping Agencies සමාගම එක්ස්පෝලංකා හෝල්ඩිංග්ස් සමූහයේ නෞකා භාණ්ඩ ප්‍රවාහන සහ සාගරික ලොජිස්ටික් සේවාවන් සපයන හස්තය ලෙසින් ක්‍රියාත්මක විය. 1978 වසරේ සිට එම සමාගම ගෝලීය නෞකා සමාගම්වෙනුවෙන් සිය මෙහෙයුම් සිදු කර තිබේ.

DP. Logistics (පෞද්) සමාගම මෙරට ප්‍රමුඛතම ව්‍යපාර සමූහයක් වන ඩේවිඩ් පීරිස් සමූහ සමාගමෙහි සාමාජිකයෙකි.

Visits: 341