SLIIT හි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහනෙන් ගුරුවරුන්ට වෘත්තීය ගුණාත්මක භාවය ඉහළට

SLIIT හි තවත් එක් සමාජ සත්කාරක ව්‍යාපෘතියක් වන ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන හරහා ගුරුවරුන්ට ඔවුන්ගේ වෘත්තීයභාවය පිළිබඳ ප්‍රමිතිය ඉහළ නංවාලීමට අවශ්‍ය සහාය ලබා දෙයි.

පාසල් පද්ධතියේ සේවය කරන ගුරුවරුන් ඵලදායි ගුරු කුසලතා සහිතව ඉදිරියට යාම සඳහා ඔවුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වැඩිදියුණු කිරීම, ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීමේ කුසලතා ඉහළ නැංවීම සහ 21 වැනි සියවසේ අධ්‍යාපන අවශ්‍යතාවලට සරිලන පරිදි ඔවුන්ගේ ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියේ ඵලදායිතාව වැඩිදියුණු කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණ වේ.

මේ වන විට අධ්‍යාපන ක්ෂේත්‍රයට සම්බන්ධ වෘත්තිකයන් 2000කට වැඩි පිරිසක් රට පුරා පැවති සැසි නවයකට සහභාගි වී ඇත. මෙය 2021 වසරේදී ආරම්භ කරනු ලැබූ අතර පැවැති වසංගත තත්ත්වය හේතුවෙන් එම පුහුණු සැසි මාර්ගගතව (Online) පැවැත්වීමට හා ඒ හරහා පුද්ගල පුහුණුව දක්වා ප්‍රගතියක් අත්කරගෙන තිබේ. මෙම සියලුම වැඩසටහන් SLIIT ආයතනය මගින් නොමිලේ පවත්වනු ලැබේ.

පොල්ගොල්ල මහවැලි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය, වේයන්ගොඩ සියනෑ ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය,කොළඹ රාජකීය විද්‍යාලයේ ප්‍රාථමික අංශ ගුරුවරුන් සහ SLIIT හි පශ්චාත් උපාධි ඩිප්ලෝමා පාඨමාලා අධ්‍යයන සිසුන්, කටුගස්තොට දොරනෑගම මහා විද්‍යාලය, මීරිගම හාපිටිගම් ජාතික අධ්‍යාපන විද්‍යාපීඨය සහ මීගමුව සඳලංකාව මධ්‍ය මහා විද්‍යාලය මේ දක්වා SLIITහි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන් පවත්වනු ලැබූ ආයතන වේ.

SLIIT හි ‘ගුරු විරු’ ගුරු පුහුණු වැඩසටහන මගින් ගුරුවරුන්හට ඔවුන්ගේ ඉගැන්වීමේ කුසලතා සහ අනෙකුත් හැකියාවන් වැඩිදියුණු කිරීමට අදාළ මාතෘකා පිළිබඳව පුහුණු කරනු ලැබේ. ඔවුන් සඳහා මේ දක්වා පවත්වනු ලැබූ පුහුණු සැසි වන්නේ ක්‍රියාකාරී පර්යේෂණ, පාඩම් සැලසුම් කිරීම හා සංඛ්‍යාන කුසලතා සහ දත්ත විශ්ලේෂණය වැඩි දියුණු කිරීම පිළිබඳ සැසිය. ආවරණය කර ඇති අනෙකුත් ක්ෂේත්‍ර අතරට පන්ති කාමරයට නව ප්‍රවේශයක්, අධ්‍යාපනික නීතිය සහ මූලික අයිතිවාසිකම් සහ ඵලදායී ලෙස මාර්ගගත ඉගැන්වීමේ ක්‍රම යොදාගැනීම ආදිය ඇතුළත් වේ. SLIIT ආයතනයට එම පුහුණුවන ගුරුවරුන්ගේ අවශ්‍යතාවය අනුව සැසි පවත්වන ආයතන සහ ඊට අවශ්‍ය ගුරුවරුන්ගේ අවශ්‍යතා සපුරාලීමට හැකියාව ඇත.

SLIIT හි මානව ශාස්ත්‍ර විද්‍යා පීඨයේ හා අධ්‍යාපන විද්‍යා පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය විරාජිත් ගමගේ මහතා මෙම වැඩසටහන පිළිබඳ අදහස් දක්වමින් මෙසේ පැවසීය. ”ගුරු විරු වැඩසටහනේ අරමුණ වන්නේ සමාජ සත්කාරක වැඩපිළිවෙලක් තුළින් වෘත්තිකයන් සවිබල ගැන්වීම සහ දැනුම, කුසලතා, ආකල්ප සහ වෘත්තීය සංවර්ධනය තුළින් ඔවුන්ගේ හැකියාවන් වැඩිදියුණු කිරීමය. 21 වැනි සියවසේ පාසල් හා පන්ති කාමරය සමඟ ගැළපෙන පරිදි ගුරුවරුන්ගේ දැනුම, කුසලතා සහ ආකල්ප වර්ධනය කිරීම අත්‍යවශ්‍ දෙයක්. එම අවශ්‍යතාවය පවතින්නේ අපගේ දරුවන් 21 වැනි සියවස නියෝජනය කරන නිසා. අද වන විට අපි සැසි නවයක් සාර්ථකව නිම කර තිබෙනවා. ගුරු විරු වැඩසටහන හරහා ගුරුවරුන් අපගේ විශේෂඥ දැනුම හා විෂය විශේෂඥතාවයන්ගෙන් ප්‍රයෝජන ලබනු ඇති බවට හා රට පුරා සිටින දරුවන් දිරිගැන්වීම සඳහා පූර්ණ සූදානමකින් හා විශ්වාසයක් ඇතිව කටයුතු කරනු ඇතැයි අපි විශ්වාස කරනවා.”

ගුරු විරු වැඩසටහනේ ඉදිරි සැලසුම වන්නේ මහියංගනය, ගාල්ල, ගිරිඋල්ල වැනි ප්‍රදේශවල පුහුණු වැඩසටහන් ව්‍යාප්ත කිරීමයි. මීට අමතරව ‘ගුරු විරු’ වැඩසටහනේ අරමුණ වන්නේ ගුරුවරුන්ගේ ඉල්ලීම පරිදි ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ 19 පුරාම සිය පුහුණු වැඩසටහන් පැවැත්වීමය. ගුරුවරුන්ගේ ඉල්ලීම් අනුව මේ වන විට ජාතික අධ්‍යාපන විද්‍යාපීඨ තුනක එම ඉල්ලීම් ඉටු කරමින් වැඩසටහන් පහක් සාර්ථකව පවත්වා ඇත.

SLIIT ආයතනය ගුරුවරුන් සවිබල ගැන්වීම සඳහා ඉතා ඕනෑකමින් කැපවී ක්‍රියා කරන අතර රට පුරා සිටින ගුරුවරුන් සහ ගුරු වෘත්තියක් අපේක්ෂා කරන පුද්ගලයින් හට ප්‍රතිලාභ සලසා දීම සඳහා ජාතික සේවාවක් ලෙස ‘ගුරු විරු’ වැඩසටහන් අඛණ්ඩව පැවැත්වීමට අරමුණු කර ඇත.

‘ගුරු විරු’ පුහුණු වැඩසටහන් සංවිධානය කිරීමට කැමති අධ්‍යාපන කලාප, ආයතන සහ පාසල්වලට ඒ පිළිබඳව වැඩිදුර තොරතුරු 076 3638 200 අංකයෙන් තිරංජය මීගස්දෙණිය අමතා ලබා ගත හැකිය.

Visits: 80