රටවල් 04කට තැපැල් භාණ්ඩ භාර ගැනීම අත්හිටුවයි

පවත්නා ඉන්ධන අර්බුදය හේතුවෙන් රටවල් 04ක් සඳහා සිදු කරන තැපැල් භාණ්ඩ භාර ගැනීම අද දිනයේ සිට අත්හිටුවන බව තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි.

ඒ අනුව ඇමෙරිකා එක්සත් ජනපදය, නෙදර්ලන්තය,ඊශ්‍රායලය සහ රුසියාව යන රටවලට සිදුකරන තැපැල් භාණ්ඩ භාර ගැනීම මෙලෙස අත්හිටුවා තිබේ.

පවත්නා ඉන්ධන අර්බුදය හමුවේ ශ්‍රී ලංකාවට පැමිණෙන ගුවන් ගමන් සිමා කිරීම සහ අත්හිටුවීම හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු මෙම තීරණය ගත් බව තැපැල්පතිවරයා සඳහන් කර සිටියි.

මේ අතර ඉන්ධන සපයා ගැනීමේ අපසුකම් හේතුවෙන් රට අභ්‍යන්තරයේ තැපැල් ප්‍රවාහන කටයුතුද ප්‍රමාදයකට ලක්ව ඇති බවද තැපැල්පතිවරයා වැඩිදුරටත් පවසා සිටියි.

Visits: 95