Hayleys Fabric හි WARNA by Mahogany නිෂ්පාදන පෙළ ISPO Textrends 2024 හොඳම 10ට

Hayleys Fabric හි WARNA by Mahogany නම් පරිසර හිතකාමී ක‍්‍රියාවලීන් භාවිතයෙන් නිෂ්පාදනය කරන ලද කාබනික සහ පරිසර හිතකාමී රෙදිපිළි පෙළක් ISPO Textrends Spring$Summer Awards 2024 හි හොඳම නිෂ්පාදන 10 අතරට තේරීපත් විය.

ලොව වඩාත්ම නව්‍ය, ඉහළ ක‍්‍රියාකාරී රෙදිපිළි සඳහා ප‍්‍රමුඛ පෙළේ ජර්මානු වේදිකාවක් වන ISPO Textrends හි ප‍්‍රමුඛ පෙළේ ශ‍්‍රී ලාංකේය පරිසර හිතකාමී රෙදිපිළි නවෝත්පාදනයක් ලෙස WARNA by Mahogany ඇගයුම් ලැබීම ක‍්‍රීඩා ඇඟළුම් ක්ෂේත‍්‍රය සඳහා විශේෂිත වූ, තිරසාර, වෘත්තාකාර රෙදිපිළි සපයා ගැනීමේ ගෝලීය පුරෝගාමියෙකු ලෙස ලංකාවේ කීර්තිය ඉහළින් ඔසවා තැබීමක් ලෙස හැදින්විය හැකිය.

පුරෝගාමී waste-to-fashion හෙවත් අපද්‍රව්‍ය භාවිතයෙන් විලාසිතාකරණය සඳහා වූ මුලපිරීමක් ලෙස Hayleys Fabric හි තිරසාර නවෝත්පාදන ප‍්‍රධානී ලියෝනි වාස් මහත්මිය විසින් හදුන්වාදෙන ලද Hayleys Fabric හි කාබනික Mahogany වර්ණක ශ‍්‍රී ලංකාවේ ගෘහ භාණ්ඩ කර්මාන්තයේ අතුරු නිෂ්පාදන සහ අපද්‍රව්‍ය වලින් ගෘහස්ථව නිස්සාරණය කරනු ලැබේ.

”අතීතයේදී විලාසිතා සහ රෙදිපිළි කර්මාන්තය ප‍්‍රධාන වශයෙන් අවධානය යොමු කළේ කෘතිම වර්ණක භාවිතයටයි. කෙසේ වෙතත් පරිසර හිතකාමී ආකල්ප දරන පාරිභෝගිකයින් වැඩිවීමත් සමඟ තිරසාර ලෙස නිෂ්පාදනය කරන ලද රෙදි සඳහා ඇති ඉල්ලූම සැලකිය යුතු ලෙස වැඩි වී තිබෙනවා. මෙම පසුබිම සැලකිල්ලට ගෙන අපගේ නිෂ්පාදන ක‍්‍රියාවලියේදී පරිසරය සහ පාරිභෝගිකයින් යන දෙපාර්ශවයටම අහිතකර ද්‍රව්‍ය භාවිතය සීමා කිරීමට හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. WARNA මෙම කැපවීම සඳහා හොදම සාක්ෂියක් වන අතර ISPO Textrends සම්මාන උළෙලේදී අපගේ උත්සාහය ඇගයීමට ලක්වීම ගැන වගේම ලෝකයේ වඩාත්ම නව්‍ය තිරසාර ප‍්‍රවණතා අතර ජාත්‍යන්තර වේදිකාවක් මත ශ‍්‍රී ලාංකීය නිපුණත්වය ප‍්‍රදර්ශනය කිරීමට ලැබීම ගැන ද අපි සතුටු වෙනවා.’’ යනුවෙන් Hayleys Fabric හි කළමනාකාර අධ්‍යක්ෂ/ප‍්‍රධාන විධායක නිලධාරී රොහාන් ගුණතිලක මහතා පැවසුවේය.

දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම හඳුනා ගැනීම සහ විශ්ලේෂණය කිරීම සඳහා සිදු කරන ලද තක්සේරුවකදී WARNA පරිසරයට ධනාත්මක බලපෑමක් ඇති කරන බවට තහවුරු කරගන්නා ලදී.

Mahogany වර්ණක ජාත්‍යන්තරව පිළිගත් ප‍්‍රමිතීන්ට අනුකූල බව සහතික කිරීම සඳහා පරීක්ෂණ රැසකට යටත් කර ඇති අතර අන්තරායකර රසායනික ද්‍රව්‍ය වලින් තොර බව සහතික කරයි. මෙම නිෂ්පාදන භාවිත කරන පාරිභෝගිකයින්ට සහ පරිසරයට මෙන්ම නිෂ්පාදන ක‍්‍රියාවලියට සම්බන්ධ පුද්ගලයින්ට ද වඩාත් ආරක්ෂිත වීම විශේෂත්වයකි. එමෙන්ම කෘතිම වර්ණක වර්ග භාවිතයට සාපේක්ෂව පරිසරයට 36% ක ධනාත්මක බලපෑමක් ඇති කරයි.

Hayleys Fabric විසින් නිෂ්පාදනය කරනු ලබන ස්වභාවික වර්ණක පරිභෝජනය සහ නිෂ්පාදනය, කර්මාන්ත, නවෝත්පාදන සහ යටිතල පහසුකම්, පිරිසිදු ජලය සහ සනීපාරක්ෂාව, ජලයෙන් පහළ ජීවිතය, ගොඩබිම සහ දේශගුණික විපර්යාස ආදිය සම්බන්ධයෙන් වන එක්සත් ජාතීන්ගේ තිරසාර සංවර්ධන ඉලක්ක (UNSDGs) කෙරෙහි ධනාත්මක බලපෑමක් ඇති කරයි. `

වෙළඳපොලේ ඇඟළුම් නිෂ්පාදන සඳහා භාවිතා කිරීමට පරිසර හිතකාමී, ක‍්‍රියාකාරී, විලාසිතාමය, අගය එකතු කළ රෙදි වාණිජකරණය කිරීම අරමුණු කරගත් INNO සන්නාමය හරහා වෙළඳපොළ සඳහා නව පරිසර හිතකාමී නිෂ්පාදන පෙළක් හදුන්වාදීමට සමාගම ලොව පුරා සිටින අනෙකුත් ස්වාභාවික වර්ණක සැපයුම්කරුවන් සමඟ කටයුතු කරයි.

ප‍්‍රමුඛ පෙළේ ජර්මානු රෙදිපිළි ආයතනයක් වන ISPO වසරකට දෙවරක් ක‍්‍රීඩා ඇඟළුම් නිෂ්පාදනය සඳහා භාවිතා කරන නව්‍ය රෙදි සහ උපාංග හඳුනාගෙන ඇගයීමට ලක් කරයි. මෙම ආයතනය නවෝත්පාදනයන් ඉහළින්ම අගයන අතර කර්මාන්තය, නිර්මාණකරුවන් සහ නිෂ්පාදන කළමනාකරුවන් සඳහා හොද මාර්ගෝපදේශයකි.

Hayleys Fabric PLC යනු ශ‍්‍රී ලංකාවේ රෙදිපිළි නිෂ්පාදනයේ පුරෝගාමියා වන අතර නිර්මාණයේ සිට නිෂ්පාදනය දක්වා ඵලදායී විසඳුම් ලබා දීමට හැකියාව ඇති අතර එය ලැයිස්තුගත කළ පළමු ඇඟළුම් සමාගම වේ.

Visits: 82