සී ඩබ්ලිව් මැකී පීඑල්සී ‘Recycle for Future Generation’ වැඩසටහන අරඹයි

විවිධාංගීකරණය වූ ව්‍යාපාර සමූහයක් වන සී ඩබ්ලිව් මැකී පීඑල්සී හි Scan Products Division විසින් ශ්‍රී ලංකාවේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීයකරණයේ ප‍්‍රමුඛ සමාගමක් වන Eco Spindles (Pvt) Ltd. සමග එක්ව හිස් PET (ප්ලාස්ටික්) බෝතල් එකතුකරමින් ‘Recycle for Future Generation’ ලෙස EPR ක‍්‍රමයේ ප්ලාස්ටික් ප‍්‍රතිචක‍්‍රීකරණ වැඩසටහනක් අතිසාර්ථකව පවත්වාගෙන යනු ලබයි.

මෙම ක‍්‍රියාදාමය තුලින් කාබන් විමෝචනය හා අප ජල නිෂ්පාදනය අවම කරගනිමින් හරිත අනාගතයකට සක‍්‍රීය දායකත්වයක් සපයන්නට ‘Recycle for Future Generation’ ව්‍යාපෘතිය දායක වේ. තම ආයතනික පාරිසරික ප‍්‍රතිපත්තිය වඩාත් අර්ථවත් කරමින් පරිසර අමාත්‍යාංශය විසින් ක‍්‍රියාත්මක කරනු ලබන ජාතික හරිත වාර්තාකරණ ක‍්‍රමවේදය (National Green Reporting System) සමග ලියාපදිංචිව කටයුතු කරන ඔවුන් සුරක්ෂිත පරිසරයක ගොඩනැගෙන තිරසර අනාගතයක් උදෙසා පුළුල් දැක්මක් ඇතිව කටයුතු කරනු ලබයි.

සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමූහයේ විධායක අධ්‍යක්ෂ මංගල පෙරේරා මහතා ‘Recycle for Future Generation’ ව්‍යාපෘතිය පිළිබඳ අදහස් දක්වමින් “ප‍්‍රතිචක‍්‍රීයකරණය හා නැවත භාවිතය කියන්නේ ගෝලීය වශයෙන් මිනිසාට හමුවේ ඇති දැවැන්ත අභියෝගයක්. පසුගිය වසර ගණනාව තිස්සේ අප තනිවම සිදු කළ දෙය සමාජයට අත්‍යවශ්‍යම මොහොතකදී Eco Spindles (Pvt) Ltd සමග සහයෝගීතාවයෙන් වඩාත් ශක්තිමත් වී තිබෙනවා. සමාගමක් ලෙස අප මේ සම්බන්ධයෙන් සතුටට පත්ව සිටිනවා වගේම ඉදිරි කාලයේදී අපේ සියළු මෙහෙයුම් අංශ වලට මේ සමාජ මෙහෙවර ව්‍යාප්ත කරන්නට බලාපොරොත්තු වෙනවා. අපද්‍රව්‍ය කළමනාකරණ ව්‍යාපෘති, ඩෙංගු වළක්වාගැනීමේ වැඩසටහන් මෙන්ම මහජන සෞඛ්‍ය පහසුකම් වැඩිදියුණු කිරීමේ වැඩසටහන් රැුසක් ක‍්‍රියාත්මක කොට තිබෙන අප සුරක්ෂිත හරිත අනාගතයක් ගොඩනැංවීම වෙනුවෙන් සැමවිටම දායකත්වය ලබා දෙනවා. Eco Spindles සමග ඇති කරගත් මෙම නවතම සහයෝගීතාවය සමග පරිසරය සුරැකීම වෙනුවෙන් අප මෙතෙක් දැක්වූ දායකත්වය තවදුරටත් ශක්තිමත්ව තිබෙනවා. අපගේ EPR ප‍්‍රතිපත්තිය තවදුරටත් ශක්තිමත් කරගැනීමට තනි තනි වශයෙන් අපේ පාරිභෝගික ජනතාවත් එක් වන්නේ නම් අප සියළු දෙනාට ශ්‍රී ලංකාවේ පරිසර පද්ධතිය සුරක්ෂිත කරන්න දැවැන්ත දායකත්වයක් ලබාදෙන්න පුළුවන්” යැයි පැවසීය.

ශ්‍රී ලාංකීය පෞද්ගලික අංශයේ සමාගම් ඉලක්ක කරමින් ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය හා Biodiversity Sri Lanka එකමුතුවෙන් ඇමරිකානු එක්සත් ජනපදයේ USAID මූල්‍යමය අනුග‍්‍රහය යටතේ පරිසර අමාත්‍යාංශයේ සහයෝගීතාවය යටතේ “Collect-Back” ආකෘතියේ උපාය මාර්ගික අපද්‍රව්‍ය කළමනාකරණ වැඩසටහනක් මෑතකදී යෝජනා කොට තිබීම පිළිබඳ සී ඩබ්ලිව් මැකී පීඑල්සී සමාගම සිය කෘතඥතාව පළ කරනු ලබයි.

Visits: 73