අද සහ හෙට IOC පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීමක් නැහැ – යළි නිකුත් කිරීම 10 වැනිදා

ලංකා අයිඕසී පීඑල්සී සමාගමට අයත් ඉන්ධන පිරිවුම්හල් වෙත අද සහ හෙට දිනයේදී ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවා ඇතැයි එම සමාගම පවසයි.

අද දහවල් නිවේදනයක් නිකුත් කරමින් එම සමාගම මේ බව දැනුම් දී සිටියි. කෙසේ වෙතත් සිය ත්‍රිකුණාමලයේ පිහිටි පර්යන්තය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අනෙකුත් වටිනා කර්මාන්ත වෙත අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව නිකුත් කිරීම සිදු කරන බවද ලංකා අයිඕසී සමාගම සඳහන් කර සිටියි.

මේ අතර අදාළ තීරණය සම්බන්ධයෙන් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබා ඇති ලංකා අයිඕසී පීඑල්සීහි කළමනාකාර අධ්‍යක්ෂ මනෝජ් ගුප්තා මහතා, හෙට දිනයේදී සැලසුම් කර ඇති උද්ඝෝෂණ ව්‍යාපාරයත් සමගින්ම වහාම ක්‍රියාත්මක වන පරිදි අද සහ හෙට දෙදින තුළ සිය ඉන්ධන පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම අත්හිටුවන ලෙස උපදෙස් ලැබුණු බව පවසා සිටියි.

“හෙට දිනයේදී පැවැත්වීමට සැලසුම් කර ඇති විරෝධතාවද සමගින් වහාම ක්‍රියාත්මක වන පරිදි අද සහ හෙට දිනයේදී අපගේ ඉන්ධන පිරවුම්හල් වෙත සැපයුම් මෙහෙයුම් අත්හිටුවීමට උපදෙස් ලැබී තිබෙනවා. කෙසේ වුවත් අපගේ ත්‍රිකුණාමලය පර්යන්තය හරහා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට සහ අපගේ වටිනා කර්මාන්ත බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය ඉන්ධන අඛණ්ඩව සිදු කරනවා.” යනුවෙන් ඒ මහතා පවසා සිටියි.

මේ අතර යළිත් වරක් ලංකා අයිඕසී පිරවුම්හල් වෙත ඉන්ධන නිකුත් කිරීම ලබන 10 වැනි ඉරිදා අලුයම සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මනෝජ් ගුප්තා මහතා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

Visits: 80