ICC T20 2022 තරගාවලියට දින 100 ගණනය ඇරඹෙයි

ඔස්ට්‍රේලියාවේදී පැවැත්විමට නියමිත මෙවර ICC T20 2022 තරගාවලිය සඳහා දින 100 ගණන් කිරීමේ අවස්ථාව අද පෙරවරුවේදී එරට මෙල්බර්න් නුවරදී සිදු විය.

ඊට සමගාමීව ICC T20 කුසලානය එම තරගාවලිය සඳහා සහභාගි වන රටවල් වෙත රැගෙන යාමේ අවස්ථාවද නිල වශයෙන් ආරම්භ විය.

ලබන ඔක්තෝබර් 16 වැනිදා සිට නොවැම්බර් 13 වැනිදා දක්වා ඔස්ට්‍රේලියාවේදී පැවැත්වීමට නියමිතව තිබේ.

මෙවර තරගාවලිය සඳහා කණ්ඩායම් 16 ක් සහභාගිවීමට නියමිතව ඇති අතර තරග 45ක් පැවැත්වීමට සංවිධායකයන් කටයුතු යොදා තිබේ.

මේ යටතේ පළමු තරගය ශ්‍රී ලංකාව සහ නැමීබියාව අතර පැවැත්වීමට නියමිතව තිබේ.

Visits: 70