EX-PACK සිය 2021/22 තෙවැනි අතරමැදි ලාභාංශය ලෙස කොටසකට රු. ශත 40 බැගින් ගෙවයි

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත EX-PACK Corrugated Cartons PLC සමාගම (PACK.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමකට තීරණය කර ඇතැයි පවසයි. අද රැස් වුණු එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 40ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව EX-PACK සමාගම පවසයි.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන තෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස සඳහන්ව තිබේ.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 28 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජූලි 07 වැනිදා නම් කෙරී තිබේ.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස්හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සමාගම පවසයි.

EX-PACK සමාගම මීට පෙර 2021/22 මූල්‍ය වර්ෂය වෙනුවෙන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස 2021 දෙසැම්බර් මාසයේදී සිය කොටස්හිමිකරුවන් වෙත කොටසකට රුපියල් ශත 20ක් ගෙවීමට කටයුතු යෙදීය. එසේම දෙවැනි අතරමැදි ලාභාංශ ගෙවීම ලෙස 2022 අප්‍රේල් මාසයේදීද යළිත් රුපියල් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීය.

මේ අතර අද දිනයේදී කොළඹ කොටස් හුවමාරුවෙහි ගනුදෙනු අවසානයේදී EX-PACK සමාගමේ කොටසක වටිනාකම රුපියල් 9.20ක් ලෙස සටහන්ව තිබුණි. එය පෙර දිනයේ කොටසක වටිනාකම වූ රුපියල් 9.30ට සාපේක්ෂව ශත 10ක එනම් 1.08%ක අඩුවීමකි.

Visits: 138