මහජන බැංකුවේ ගන්දර ශාඛාව නව පරිශ්‍රයකට

මහජන බැංකුවේ ගන්දර ශාඛාව නව පරිශ්‍රයක විවෘත කිරීම පසුගියදා එහි ප්‍රධාන විධායක නිලධාරි/ සාමාන්‍යාධිකාරි රංජිත් කොඩිතුවක්කු මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකෙරිණි.

ගන්දර, තංගල්ල පාරේ, අංක 302සී දරණ ස්ථානයේ විවෘත කෙරුණු මෙම ශාඛාව තුළින් එම ප්‍රදේශයේ ජනතාවට අති නවීන ඩිජිටල් බැංකුකරණ සේවාවන් පිරිනැමෙන අතර, මෙහි ස්ථාපිත කර ඇති මහජන බැංකුවේ ස්වයංක්‍රිය ටෙලර් යන්ත්‍රය තුළින් සතියේ ඕනෑම දිනයක පැය 24 පුරාම මුදල් ලබාගැනීමේ පහසුකම සලසා ඇත. එමෙන්ම මෙම ශාඛාව, 2022 වර්ෂය සඳහා මාතර ප්‍රාදේශීකයේ 5S සංකල්පය ක්‍රියාත්මක කිරීම සඳහා වන ආදර්ශ ශාඛාව වේ.

මෙම අවස්ථාවට මහජන බැංකුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) මහින්ද ප්‍රේමනාත්, සහකාර සාමාන්‍යාධිකාරි (ශාඛා කළමනාකරණ) ටී.එම්.ඩබ්ලිව්. චන්ද්‍රකුමාර, සහකාර සාමාන්‍යාධිකාරිනි (ශාඛා කළමනාකරණ) ගංගා සේනානායක, මාතර ප්‍රාදේශීය කළමනාකාර අයි. කේ ඉන්දික, හම්බන්තොට ප්‍රාදේශීය කළමනාකාරිනි නිල්මිණි ගුණවර්ධන, දකුණු කලාපීය ජ්‍යෙෂ්ඨ නීති නිලධාරීනි නිලන්ති රූබසිංහ, සහකාර ප්‍රාදේශීය කළමනාකාරිනී තුෂාරි නම්මුනිආරච්චි, ප්‍රාදේශීය ණය ඒකකයේ ජ්‍යෙෂ්ඨ කළමනාකාරිනි නිෂානි පතිරණ, ගන්දර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දේශබන්දු සේනාරත්න, ගන්දර ශාඛා කළමනාකාර ප්‍රියන්ත රත්නායක යන මහත්ම මහත්මීන් ඇතු`ඵ බැංකු කාර්ය මණ්ඩලය සහ ගනුදෙනුකරුවන් සහභාගි වූහ.

දිවයින පුරා පිහිටි ශාඛා සහ සේවා මධ්‍යස්ථාන 743 කින් සමන්විත මහජන බැංකුව, මිලියන 14කට අධික ගනුදෙනුකරුවන්ගෙන් යුත් රුපියල් ට්‍රිලියන 3කට අධික වත්කම් සහිත දිවයිනේ ප්‍රමුඛතම මූල්‍ය සේවා සපයන්නා වේ.

Visits: 58