කාර්සන්ස් කුම්බර්බැච් වෙතින් රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගම (CARS.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවීමට තීරණය කර ඇතැයි පවසයි. අද පැවැති එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් 1.50ක් බැගින් ලාභාංශ ගෙවීම සිදු කරන බව කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගම පවසයි.

මෙය 2022/23 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන පළමු අතරමැදි ලාභාංශ ගෙවීම බවද සමාගම සඳහන් කරයි.

මෙහිදී ලාභාංශ ගෙවන දිනය ලෙස ජූලි 27 වැනිදා ප්‍රකාශ කෙරී තිබේ. ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස ජුලි 06 වැනිදා නම් කෙරී ඇත.

මේ අතර මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සිය කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් කාර්සන්ස් කුම්බර්බැච් පීඑල්සී සමාගම පවසයි.

එම සමාගම සිය අවසන් ලාභාංශ ගෙවීම ලෙස පසුගිය 2021 ඔක්තෝබර් මාසයේදී ලාභාංශ ගෙවීමක් සිදු කර ඇති අතර, එහිදීද කොටසක රුපියල් 1.50ක් බැගින් ලබාදීම සිදු විය. එය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබාදුන් පළමු අතරමැදි ලාභාංශ ගෙවීමද විය.

Visits: 66