සන්ෂයින් හෝල්ඩින්ග්ස් 2021-22 මූල්‍ය වර්ෂයේදී රු.බිලියන 5ක බදු පසු ලාභයක් වාර්තා කරයි

ශ‍්‍රී ලංකාවේ විවිධාංගීකරණය වූ සමාගම් සමූහයක් වන සන්ෂයින් හෝල්ඩින්ග්ස් තම සියලූම ව්‍යාපාරවලින් ශක්තිමත් වර්ධනයක් පෙන්නුම් කරමින් 2022 මාර්තු 31 වන දිනෙන් අවසන් වන මූල්‍ය වර්ෂය සඳහා කැපී පෙනෙන වර්ධනයක් වාර්තා කිරීමට සමත්ව ඇත.

මේ වසර තුළ සමූහය රුපියල් බිලියන 32.2ක ආදායමක් වාර්තා කර ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.2%ක වැඩි වීමකි. සමූහයේ බදු පසු ලාභය (PAT) ද 96.9% කින් වැඩි වී පසුගිය වසරේ එම කාලය තුළ වාර්තා වූ රුපියල් බිලියන 2.5 ට සාපේක්ෂව රුපියල් බිලියන 5ක් වී ඇත.

හෙල්ත්කෙයාර්, පාරිභෝගික භාණ්ඩ සහ කෘෂි ව්‍යාපාර යන අංශවලින් සමූහයේ ආදායමට පිළිවෙලින් 54%ක්, 25%ක් හා 20%ක් ලෙස සැලකිය යුතු දායකත්වයක් ලබා දී ඇත. හෙල්ත්කෙයාර් අංශය පසුගිය වසරට සාපේක්ෂව 37.1%ක වර්ධනයක් පෙන්නුම් කර ඇති අතර කෘෂි ව්‍යාපාර අංශයේ ආදායම 64.6%කින් ඉහළ ගොස් ඇත. පාරිභෝගික භාණ්ඩ අංශය ආදායමේ සියයට 13.2 ක වර්ධනයක් වාර්තා කර ඇති අතර, ප‍්‍රධාන වශයෙන් FY20/21 මූල්‍ය වර්ෂයේදී ඬේන්ටී ලිමිටඞ් සමාගම සාර්ථකව අත්පත් කරගැනීම හේතුවෙන් පාරිභෝගික භාණ්ඩය අංශයයේ ආදායම FY20/21 හා සසඳන විට 13.2%ක වර්ධනයක් වාර්තා කර ඇත.

2021/22 මූල්‍ය වසර සඳහා දළ ලාභය 31.8%ක් වූ අතර එය පසුගිය වසරට සාපේක්ෂව පදනම් අංක 04ක (bps) සුළු වැඩි වීමකි. දළ ලාභය රුපියල් බිලියන 2.5 කින් වර්ධනය වී ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 32.3% ඉහළ යාමකි. ආදායම් වර්ධනයට සමගාමීව පොලී සහ බදු වලට පෙර ඉපැයීම් (EBIT) රුපියල් බිලියන 5.7 ක් වී ඇත. එය පසුගිය වසරට සාපේක්ෂව 61.9% ක වර්ධනයකි.

මෙම මූල්‍ය ප‍්‍රතිඵල පිළිබඳව අදහස් දක්වමින් සන්ෂයින් හෝල්ඩින්ග්ස් සභාපති අමල් කබ්රාල් මහතා පැවසුවේ ‘‘අප රටට වගේම සමූහයටත් මෙම මූල්‍ය වසර ඉතා අසීරු එකක්. එය ආර්භයේදීම කොවිඞ් වසංගත හේතුවෙන් අභියෝග රැසකට මුහුණ දීමට සිදු වූ අතර සහ අවසානය වන විට පෙර නොවූ විරූ ආර්ථික අර්බුදයක් එයට බලපෑවා. කෙසේ වෙතත් ඉදිරි දැක්මක් සහිත ව්‍යාපාරික උපාය මාර්ග ක‍්‍රියාත්මක කිරීම සහ අපගේ සියලූම ව්‍යාපාරික අංශවල සැලකිය යුතු කාර්යසාධනය සමඟින් මෙම මෙම අසීරු මෙහෙයුම් කාල පරිච්ෙඡ්දයේදී අභියෝගවලට සාර්ථකය මුහුණ දී සුවිශේෂී ප‍්‍රතිඵල ලබා දීමට සමූහයට හැකි වී තිබෙනවා.’’ යනුවෙනි.

”ශ‍්‍රී ලංකාව දරුණුතම ආර්ථික අර්බුදයකට මුහුණ දෙමින් සිටින අතර විදේශ විනිමය හිඟකම හේතුවෙන් ආහාර, ඉන්ධන, ගෑස්, ඖෂධ සහ අනෙකුත් අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හිඟයත් ඉතා වේගයෙන් ඉහළ යන උද්ධමනය සහ විදුලිය කප්පාදු කිරීම් සමඟින් ජනතාවට මෙන්ම ව්‍යාපාරවලට දැඩි බලපෑමක් එල්ල කරනු ලබනවා. එනිසා රට කෙටි කාලීන සිට මධ්‍ය කාලීනව ආර්ථික, දේශපාලන හා සමාජීය අර්බුදයට සාර්ථකව මුහුණ දෙන විට, ව්‍යාපාරික මෙහෙයුම් පරිසරය ඊටත් වඩා අභියෝගාත්මක සහ අස්ථාවර වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. මෙය සිහි තබා ගෙන අපගේ ව්‍යාපාරික ක‍්‍රියාවලීන් අභියෝග ජය ගැනීමටත් අපගේ ගනුදෙනුකාරභවතුන්ට හොඳින් සේවය කිරීමටත් කඩිසර සහ ඔරොත්තු දෙන ලෙස සන්ෂයින් නැවත කටයුතු කරනු ලැබුවා. කණ්ඩායමක් ලෙස ඉදිරි මාසවලදී ව්‍යාපාරික අඛණ්ඩතාව සහ තිරසාර බව සහතික කිරීම සඳහා ගත හැකි සෑම පියවරක්ම අප ගෙන තිබෙනවා.’’ යනුවෙන් ඔහු වැඩිදුරටත් කබ්රාල් මහතා පැවසුවේය.

Visits: 116