Luminex Limited මූලික මහජන කොටස් නිකුතුවට අධි දායකත්වයක්

මෙරට තුළ දුරකතන සන්නිවේදන, විදුලි ඉංජිනේරු, සිවිල් ඉංජිනේරු සහ ජල සහ අපජල ප්‍රවාහනපද්ධති ඉදිකිරීම යන අංශයන්හි සේවා සම්පාදකයෙකු වන Luminex Limited සමාගම පසුගිය මැයි 19වැනිදා විවෘත කළ මූලික මහජන කොටස් නිකුතුව (IPO) වෙත ඊයේ (ජූනි 02) අධි දායකත්වයක් හිමි වූ බව පවසයි.

ඒ අනුව ඊයේ පස්වරු 4.30ට මෙම මූලික මහජන කොටස් නිකුතුව සඳහා ඉල්ලුම්පත්‍ර භාර ගැනීම අවසන් කිරිමට එම සමාගම තීරණය කර තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුවේදී Luminex Limited සමාගම සාමාන්‍ය ඡන්ද හිමි කොටස් මිලියන 31.2ක් (31,250,000ක්) නිකුත් කෙරිණි. එය සමාගමේ කොටස් අතරින් 11.52%ක ප්‍රතිශතයකි.

මෙහිදී කොටසක වටිනාකම රුපියල් 8ක් ලෙස සඳහන් වූ අතර, මෙම නිකුතුවේ සමස්ත වටිනාකම රුපියල්මිලියන 250ක් (250,000,000ක්) ලෙස ගණන් බලා තිබේ.

මෙම මූලික මහජන කොටස් නිකුතුව හරහා රැස් කරගන්නා මුදල් මගින් සිය දේශීය මෙහෙයුම් තවදුරටත් වර්ධනය කරගැනීම සඳහා අවශ්‍ය ප්‍රාග්ධනය සම්පාදනය කර ගැනීම අරමුණ බව සමාගම පවසයි.

මෙම මූලික මහජන කොටස් නිකුතුවෙහි කළමනාකරුවන් සහ මූල්‍ය උපදේශකවරුන් ලෙස නවරා කැපිටල් ලිමිටඩ් සමාගම ක්‍රියා කළේය.

Visits: 137