සම්පත් බැංකුව දඹුල්ල, කලුන්දෑව, අලුත්ගම කොරකහගොල්ල වැවට ජීවය රැගෙන යයි

සම්පත් බැංකුවේ ප්‍රධානතම සමාජ සත්කාරක වැඩසටහන වන ‘වැවට ජීවයක්’ සමාජ සත්කාරක වැඩසටහනෙහි තවත් අදියරක් පසුගියදා දඹුල්ල, කලුන්දෑව ප්‍රදේශයේදී ආරම්භ වී තිබේ.

ඒ අනුව එම ප්‍රදේශයේ ගොවි බිම් වෙත දියවර සපයන කොරකහගොල්ල වැවට ජීවය ලබා දීමේ කටයුතු සම්පත් බැංකුවේ ‘වැවට ජීවයක්‘ වැඩසටහන හරහා සුබ මොහොතින් අරඹා ඇත.

මෙම කොරකහගොල්ල වාරි ව්‍යාපෘතිය යටතේ අස්වද්දනු ලබන භූමි ප්‍රමාණය අක්කර 75කට අධිකය. මෙතෙක් එම කෙත් ඉඩම් වගා කෙරුණේ වසරේ එක් කන්නයක් පමණකි. ඒ කුඹුරුවලට අවශ්‍ය තරම් දියවර සපයා දීමට අභාවයට යමින් තිබූ කොරකහගොල්ල වැවට ශක්තියක් නොවූ බැවිනි.

මෙහිදී කොරකහගොල්ල වැව ප්‍රතිසංස්කරණයට අදාළ අවබෝධතා ගිවිසුම හුවමාරු කරගැනීම, සම්පත් බැංකුවේ ශාඛා බැංකුකරණ ප්‍රධාන කළමනාකාර ජනක කරුණාරත්න මහතා සහ ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ ගොවිජන සංවර්ධන නි. කොමාසාරිස් බී.එම්.සී.එච්. කුමාරිහාමි මහත්මිය අතර සිදුවිය.

ගොවිජන දෙපාර්තමේන්තුවේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලයේ තාක්ෂණික සහයෝගයෙන් හා මහසෙන් ගොවි සමිතියේ දායකත්වයෙන් යළි ජීවය ලබයි. මෙම කලුන්දෑව කොරකහගොල්ල වැව තවත් මාස කිහිපයක් අවසානයේ පරිපූර්ණ වාරි පද්ධතියක් ලෙස ප්‍රදේශයේ ගොවි පවුල් 100කට අධික ප්‍රමාණයකගේ සිහින සැබෑ කරමින් ඔවුන්ගේ ඍජු හා වක්‍ර රැකියා අවස්ථාවන් ආරක්ෂා කර දෙමින් හෙට දවසේ ආර්ථිකයට ද සුවිසල් දායකත්වයක් සපයනු ඇත යනුවෙන්ද සම්පත් බැංකුව පවසයි.

Visits: 69