අනිෂ ධර්මදාස නවලෝක රෝහල් උප සභාපති ධුරයට

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත නවලෝක රෝහලේ නව උප සභාපතිවරයා ලෙස අනිෂ ගිවන්ත ධර්මදාස මහතා පත් කෙරී ඇතැයි එම සමාගම පවසයි.

2022 මැයි 25 වැනිදා සිට බලාත්මක වන පරිදි මෙම නව පත් කිරීම සිදු කෙරී ඇත.

නවලෝක රෝහලේ උප සභාපතිවරයා ලෙස කටයුතු කළ උජිත් හර්ෂිත් ධර්මදාස මහතා පසුගිය මැයි 18 වැනිදා සිට එම සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත්වීමට තීරණය කළේය. ඒ සමගම හිස් වූ උප සභාපති ධුරය සඳහා මෙලෙස  අනිෂ ගිවන්ත ධර්මදාස මහතා පත් කෙරී තිබේ.

උජිත් හර්ෂිත් ධර්මදාස මහතා නවලෝක රෝහ‍ලේ අධ්‍යක්ෂ මණ්ඩලයෙන් ඉවත් වන විට එම සමාගමේ කොටස් 3,360ක හිමිකාරීත්වයක් පැවතුණි.

නව සභාපති අනිෂ ධර්මදාස මහතා සතුව එම සමාගමේ කොපමණ කොටස් ප්‍රමාණයක් ඇත්දැයි යන්න අනාවරණය වීන නැත.

නවලෝක රෝහලේ හිටපු උප සභාපතිවරයා සහ වත්මන් උප සභාපතිවරයා වන උජිත් ධර්මදාස සහ අනිස ධර්මදාස යන මහත්වරුන් සමාගමේ සභාපති ජයන්ත ධර්මදාස මහතාගේ පුත්‍රයන් වෙයි.

Visits: 160