‘IMED ව්‍යාපාරික අත්වැල’ Webinar මාලාවේ හය වැන්න හෙට සවස 7.00ට

ආසියා පැසිපික් මුදල් සහ ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය (IMED) මගින් සංවිධානය කරනු ලබන ‘IMED ව්‍යාපාරික අත්වැල’ Webinar මාලාවේ හයවැන්න හෙට (මැයි 18දා) සවස 7.00 ට පැවැත්වෙන බව එම ආයතනය පවසයි.

“ආර්ථික අර්බුදය හමුවේ සන්නාමකරණය සඳහා ගත යුතු ක්‍රියාමාර්ග” යන මැයෙන් පැවැත්වෙන මෙම සාකච්ඡාමය වැඩසටහනේ සම්පත්දායකත්වය සන්නාමකරණ සහ අලෙවිකරණ උපදේශක ඩෙන්සිල් ඉන්ද්‍රජිත් පෙරේරා මහතා විසින් ලබා දෙයි.

නොමිලේ පැවැත්වෙන මෙම සාකච්ඡාව සඳහා ලියාපදිංචි වීම https://docs.google.com/…/1FAIpQLSdXnRJ2Rg7…/viewform… යන වෙබ් ලිපිනය හරහා සිදු කළ හැකිය.

එසේම මෙම වැඩසටහන IMED Facebook පිටුව හරහා සජීවීව නැරඹීමට ද අවස්ථාව සලසා ඇත. ආසියා පැසිපික් මුදල් සහ ව්‍යවසායකත්ව සංවර්ධන ආයතනය යනු විශේෂයෙන්ම සුළු හා මධ්‍ය පරිමාණ (සුමප) ව්‍යාපාර සඳහා දැනුම, පුහුණුව හා විශේෂඥ උපදේශන සේවා සැපයීම සිය මූලික පරමාර්ථය කරගනිමින් ආරම්භ කරන ලද සුවිශේෂී ආයතනයකි.

මෙම ‘IMED ව්‍යාපාරික අත්වැල’ Webinar මාලාව කොටස් දහයකින් සමන්විත වන අතර, මේ දක්වා සාර්ථක ලෙස වැඩසටහන් හතරක් සංවිධානය කිරිමට එම ආයතනය සමත්ව ඇත. සෑම සෙනසුරාදා සහ බදාදා දිනකම රාත්‍රී 7.00 සිට 7.30 දක්වා මෙම වැඩසටහන පැවැත්වෙයි.

Zoom ඔස්සේ මෙම සාකච්ඡාමය වැඩසටහන් පැවැත්වෙන අතර අදාළ උපදේශන සේවාවන් සැපයීම සඳහා දිවයිනේ ප්‍රවීණ සම්පත්දායකයින් IMED හා අත් වැල් බැඳගෙන සිටී. මෙහි පළමු දිගහැරුම අප්‍රේල් 30 වැනි දින සංවිධානය විය.

Visits: 85