සිංගර් ශ්‍රී ලංකා වෙතින් ශත 20ක් බැගින් ලාභාංශ ගෙවීමක්

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම (SINS.N0000) සිය කොටස් හිමිකරුවන් සඳහා ලාභාංශ ගෙවිමට තීරණය කර ඇතැයි පවසයි. පසුගියදා රැස් වුණු සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල හමුවේදී මේ පිළිබඳ යෝජනාව ඉදිරිපත්ව තිබේ.

ඒ අනුව සමාගම මගින් නිකුත් කර ඇති සෑම ඡන්ද හිමි කොටසක් සඳහාම රුපියල් ශත 20ක් බැගින් මෙම ලාභාංශ ගෙවීම සිදු කිරීමට සමාගම තීරණය කර ඇත.

මෙය 2021/22 මූල්‍ය වර්ෂය සඳහා ලබා දෙන අවසන් ලාභාංශ ගෙවීම බව සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම පවසයි.

මෙහිදී ලාභාංශ ගෙවීමේ දිනය ලෙස ජූනි 07 වැනිදා ප්‍රකාශ කෙරී ඇති අතර, ලාභාංශ රහිත දිනය (XD Date) ලෙස මැයි 25 වැනිදා නම් කෙරී ඇත.

මෙම ලාභාංශ ගෙවීමේ තීරණය සම්බන්ධයෙන් සමාගමේ කොටස් හිමිකරුවන්ගේ අනුමැතියක් අවශ්‍ය නොමැති බවත් සිංගර් ශ්‍රී ලංකා පීඑල්සී සමාගම සඳහන් කරයි.

Visits: 69